කල් ගිය ජාතික කණිෂ්ඨ සූරතාවය පල් නොකර පැවත්වීමේ වටිනාකම

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 04 , කොළඹ (LNW):ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය කල් දමන්නට තීරණය කර තිබෙනවා.ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා.දැනට දැණුම් දී ඇති ආකාරයට එය ජූලි මාසය දක්වා කල් දමා තිබෙනවා.දිනයක් සඳහන් නොවන එම කල් දැමීමත් සමඟ විය හැකි හානිකර තත්ත්වයන් කිහිපයක් චැකිය හැකියි.එහි අදහස මේ මොහොතේ සඳහන් කළ පරිදි එම දිනවලම තරගාවලිය පැවත්වීම නොවේ.කල් දැමීම ගැන අපි ද එකඟ වන්නෙමු.නමුත් පළමු කොට එය ජූලි මාසය දක්වා කල් යැවිම කියන කාරණයෙන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට හානිකර සිඳුවීමක් ඇති විය හැකි අතර එසේම එම කල් දැමීමේ දිනය ජූලි අග දක්වා කල් යාමෙන් තවත් හානියක් සිඳුවිය හැකිය.


පළමුව ජූලි මාසයේ දිනයක් වීම නිසා ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් නියෝජනය අපේක්ෂාවෙන් තරග වඳින තරුශි කරුණාරත්නට සුදුසුකම් ලැබීමේ අවස්ථාව වෙනුවෙන් තරග වදින්න තිබෙන තරගාවලියක් අහිමි වන්නේය.ජූනි 30 අවසාන දිනය වන බැවින් ඇයට ජූලි මාසයේ තරගයකින් පලක් වන්නේ නැත.ආසියානු රන් පදක්කම්ලාභිණි තරුශි සමස්ත මලල ක්‍රීඩාව නොවුණත්,මේ මොහොතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාව නියෝජනය කරන්නට ආසන්නයේම සිටින ඉහළම දස්කම් දක්වා ඇත්තිය ඇය බැවින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ඇයගේ අවස්ථාවන් මඟ හැර යා නොහැකිය.


එසේම දැනට ශ්‍රී ලංකාවට මේ තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීම සඳහා 2023 ඔක්තෝම්බර් 1 දා සිට ආරම්භ වන කාලයට අදාළ දස්කම් සළකා බලද්දී සුදුසුකම් ලැබූ බව සිතිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු වේ.නෙත්මිකා ගිම්හානි (තුන් පිම්ම),අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු),මෙරොන් විජේසිංහ (මීටර් 100) මෙන්ම මීටර් 100 සහය දිවීමේ පිරිමි කණ්ඩායම සිටින්නේ ද අවුරුදු 20 න් පහළ මේ වසරේ හොඳම කාලය වාර්තා කළ කණ්ඩායම් අතර හත්වන තැනය.


මේ කණ්ඩායමට තව දුරටත් එකතු විය හැකි මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුද දකින්නට ඇත.විශේෂයෙන් මීටර් 100 තරගයේදී බොහෝ විට මෙවර ආසියානු සහය දිවීමේ සූරතාවලිය නියෝජනය කළ දිනෙත් වීරරත්න එවැන්නෙකි.තරුෂි අභිෂේකා ද සිටින්නේ ආසන්න දක්ෂතාවයකය.තරූෂ මෙණ්ඩිස් මෙන්ම දෙනෙත් අනුහස් ද උස පැනිමේ දී සමහර විට කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී ඒ සඳහා නිර්දේශිත දක්ෂතාවයන් ඉක්මවා යන්නට ඉඩ ඇත.


මීටර් 100 පිරිමි සහය දිවීමේ කණ්ඩායම ක්‍රීඩා පරිපාලනය විසින් මේ තරගාවලියට මෙන්ම ජ්‍යෙෂ්ඨ තරගාවලියට ද ජාතික කණිෂ්ඨ කණ්ඩායම ලෙස ඉදිරිපත් කර දක්ෂතා වර්ධනයට රුකුලක් ලබා දුනහොත්,එම කණ්ඩායම ලෝක මට්ටමේ තවත් ඉදරියට යා හැකි තත්ත්වයට පත් කර ගැනීමට හැකි අතර ඔවුන්ව යෂ්ඨි හුවමාරුව පුහුණු කරමින් සංචිත ගත කර තබා ගැනීම ද වැදගත්ය.
ඉකුත් වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා තේරීම් සඳහා කාලය විවෘතව පවතින, පේරූ හී ලීමා නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන අවුරුදු 20 න් පහළ කණිෂ්ඨ ලෝක මලල ක්‍රිඩා සූරතාවලිය අගෝස්තු 27 සිට අගෝස්තු 31 දක්වා පැවත්විමට නියමිතය.එම තරගාවලියට සති තුනකට පෙර දක්වා සුදුසුකම් ලැබීමේ කාලය වලංගු වන බැවින් කණිෂ්ඨ මලල ක්‍රිඩා සූරතාවලියට පසු තවත් තේරීම් තරගයක් ආසන්න දිනයක පැවත්වීමට අවස්ථාව සකසා ගත හැකිය.


කල් දැමූ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය හරහා තරුෂි කරුණාරත්නට තරග කිරීමේ අවස්ථාවක් අහිමි වීම වැළක්වීම නවතා දැමිය යුතුය.මේ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරව ඔහු හෝ ඔහුගේ බලය පැවරුනු කෙනෙකු ද මූලිකත්වය ගෙන අවශ්‍යය කටයුතු සූදානම් කළ යුතුය.තවමත් 19 හැවිරිදි ඇයගේ අනාගත වටිනාකම ගැන අවධානය යොමු කර මේ මොහොතේ ඇයට ඔලිම්පික් නියෝජනය සඳහා අවස්ථාව ලබා දීමට කැපවීම අපේ හැඟීම අනුවනම් ජාතික වටිනාකමකි.


එසේම අනාගතයට ඉතා වටිනාකමක් ඇති කණිෂ්ඨ ක්‍රීඩක දක්ෂතා සඳහා ජාත්‍යන්තර වේදිකාවක් තනා දීමේ වැදගත්කම තේරුම් ගෙන ලෝක කණිෂ්ට මලල ක්‍රීඩා සූරතාවලියට පෙර තරග දෙකකට යාමට හැකියාව ඇත්නම් එය ද ඉතාමත් වැදගත්ය.එසේම දකුණු ඇමෙරිකානු රටක් වන ලීමා දක්වා ගුවන් ගමන් සඳහා අවශ්‍යය වීසා ලබා ගැනීම ද ඉක්මණින් සිඳු කිරීම වැදගත්ම කාර්යය වන්නේය.ඒ නිසා මේ කාරණය අවස්ථා කිහිපයකදීම මලල ක්‍රීඩා සංගමය හරහා ඉටු නොවුණු බැවින් ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් මේ කාරණය අධික්ෂණය කිරිම වැදගත්ය.එසේම කාර්යක්ෂම පුහුණුකරුවන් සහ කළමණාකරුවන් මේ සංචාර සඳහා එක් කිරීම අතිශයින් වැදගත් කාරණයකි.සහභාගිවන නිලධාරීන් වෙනම සාත්තු සේවාවන් ලැබිය යුතු වයසේ වන්නේනම් ඔවුන් ක්‍රිඩා කණ්ඩායම සමඟ නොතබා එයට වෙනත් ආකාරයකින් එකතු කරමින් ඔවුන්ගේ ඉතිහාසගත කීර්තියට සැළකීම ගැන කිසිඳු විරෝධයක් නැත.එසේ නොකර කණ්ඩායමේ වගකීම් පැවරීමෙන් සිඳුවන්නේ එම නිලධාරීන්ගේ කීර්තියට හානිවීමය.

සුදුසුකම් ලැබීමේ කඩඉම්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම...

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...