දරුවකුට අමානුෂික ලෙස පහර දුන් සැකකරුවන් කොටුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 05 , කොළඹ (LNW): වයස අවුරුදු 4ක් වන කුඩා පිරිමි දරුවෙකුට පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර , එම අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළ සැකකරු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

.

මේ සම්බන්ධයෙන් සියලුදෙනාගේ අවධානය යොමුවු අතර වැලිඔය පොලිස් ස්ථානය ද පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ඒ අනුව අද උදෑසන පුල්මුඩේ අරිසිමලෙ ප්‍රදේශයේ දී මෙම සිද්ධියට අදාළ සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගැනීමට ගැකිවී තිබේ.

පහරකෑමට ලක්වු වයස අවුරුදු හතරක දරුවාද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 45ක් වන අතර සැකකාරියන් අවුරුදු 37 සහ 46 වයස්වල පසුවන කල්‍යාණපුර වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

වැඩිදුර පරීක්ෂණ වැලිඔය පොලිස් ස්ථානය සිදුකරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...