සටහන – නිශ්මං රණසිංහ
ජුනි 08, කොළඹ (LNW):
Confederation of Independent Football Associations,( CONIFA).මේ නම ඇතුළෙ තියෙන ස්වාධීනත්වය ලෝකයේ පාපන්දු පාලනය කරන ෆිෆා සමඟ නොබැදෙන ජාතීන්ටයි.නැත්නම් යම් යම් සංස්කෘතික කළාපවලට ද විය හැකියි.පවත්නා යාන්ත්‍රණය ඇතුළේ ස්වාධීනත්වය නොපිළිගන්නා පුරවැසි කණ්ඩායම්වලට සිය අනන්‍යතාවය සහිතව තරග වැඳිය හැකි මේ පාපන්දු සම්මේලනයට ලොන පුරා විසීරී සිටින ප්‍රජාව අතරෙන් එකතු වුණ කණ්ඩායම් 41 ක් සිටිනවා.
විශේෂයෙන් මේ කණ්ඩායම් යුරෝපය කේන්ද්‍ර කරගෙන බොහෝ විට නිර්මාණය වී තිබීම දැකිය හැකි අතර එහි ඇති ප්රජාතන්ත්රවාදී ඉඩ විසින් එම ප්‍රජාවන්ට පාපන්දු ක්රිීඩාවේ සිය අනන්‍යතාවයන් සමඟ රැඳෙන්නට ඉඩ ලැබී තිබෙනවා.2015 දී මුල් වරට මේ ආකාරයේ කණ්ඩායම් එකතුව පැවත් වූ ලෝක කුසලානයකින් ලෝක අවධානය දිනා ගත්, CONIFA අද 2024 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගය පවත්වනවා.
CONIFA මූලස්ථානය පිහිටියේ ස්වීඩනයේ වුව ද අවසාන තරගය අද පැවත්වෙන්නේ නෝර්වේ හී ඇස්ප්මිරා ක්‍රීඩාංගණයේ දී යි.මෙහිදී තරග වඳින එක් කණ්ඩායමක් වන්නේ දෙමළ ඊළාම් කණ්ඩායමයි.එහි අරුත, CONIFA විසින් තමන්ගේ අනන්‍යතාවය සඳහා නිශ්චිත සැළකිල්ලක් අයිතියක් නැති ප්‍රජාවක් ලෙස එම කණ්ඩායමට ලෝකයේ ඇති ඉඩ සම්බන්ධයෙන් වන ගැටළුව පිළිගෙන තිබෙන බවයි.
ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන දෙමළ ජාතීන්ගේ සමාජ දේශපාලන සහ ආර්ථිකමය සැළසුම් සහිත ව්‍යාපාරයක් වන දෙමළ ඩයස්පෝරාව විසින් කැනඩාව සහ යුරෝපය පාදක කරගෙන ජීවත්වන දෙමළ ප්‍රජාව ඇසුරෙන් තැණුන දෙමළ ඊළම සඳහා නියෝජිත පාපන්දු සංගම් කණ්ඩායම කාන්තා අංශයෙන් වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව ඇත.ඒ අද පැවත්වෙන CONIFA අවසන් තරගයට පිවිසෙන්නට දෙමළ ඊළාම් කණ්ඩායම සමත් වී ඇති බැවිනි.
අද දෙමළ ඊළාම් කණ්ඩායම සමඟ පැවත්වෙන අවසාන තරගයට තරග වඳින්නේ සාමි කණ්ඩායමයි.සාමි යනු උතුරු යුරෝපයේ පිහිටි උතුරේ තොප්පිය ලෙස හඳුන්වන නෝර්වේ,ෆින්ලන්තය,ස්වීඩනය සහ රුසියාවට අයත් කොටසක ජිවත්වන ජන කොටසකි. Sámi ජනතාව අද Sápmi හි මුළු ජනගහනයෙන් 2.5-5%ක් පමණක් බවට ගණන් බලා ඇත.[a] මේ නිසා, කණ්ඩායම් කිහිපයක් කලාපයේ ආදිවාසීන් සඳහා වැඩි භෞමික ස්වයං පාලනයක් හෝ ස්වයං නිර්ණයක් අපේක්ෂා කළද, කිසිදු දේශපාලන සංවිධානයක් වෙන්වීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.
එහෙත් CONIFA ඔවුන්ට වෙන්ව කටයුතු කිරීමේ සංස්කෘතික සහ සමාජීය වටිනාකම ලබා දිම නිසා මෙවර CONIFA කුසලානයේ අවසාන තරගය දක්වා පැමිණිමේදී විශිෂ්ඨතම කණ්ඩායම බවට පත් වීමට Sámi ජනතාව නියේජනය කරන Sápmi කණ්ඩායමට සමත් වී ඇත.
ලෝකය විශාල වීමේ අර්ථය භෞතික දියුණුව ලෙසම ගත නොහැකිය.ඊට වෙනම මානවීය අර්ථයක් ඇත.ඒ නිසා හදවත් ද විශාල වී ලෝකයේ සියල්ලන්ට ඇති අයිතීන් සහ අනන්යකාවයන් සුරක්ෂිත කරන මට්ටමට වර්ධනයක් පෙන්නුම් කරන බවට සාක්ෂි හැටියට CONIFA වැනි සංවිධාන හැඳින්විය හැකිය.එම පිළිගැනීම් අතරේ ඉඩ සැකසෙන නොපිළිගැනීම්වල වේදනාවන් ද තිබෙන නිසා මානව ශිෂ්ඨාචාරය මේ වන විට දියුණු වී ඇත්තේ දේශසීමාවන් අතික්‍රමණය කර ලෝකය එකම මිනිස් සමූහයක අයිතියක් බවට පිළිගැනීමටත්,එම විවිධත්වයන් සම වටිනාකමෙන් පිළිගන්න තත්ත්වයටත් බව හැඟවෙමින් ඇත.
ඒ නිසා දෙමළ ඊළාම් දක්වා වෙනම සංස්කෘතික අනන්‍යතාවයක් සහිතව කොටසක් ලෝකය පිළිගැනීම තුළ ඇත්තේ ද ප්‍රධාන ධාරාව විසින් කරනු ලබන නොපිළිගැනීමේ ඛේදවාචකයක්නම් මෙහි කොටසක ශ්‍රී ලංකාවද තිබීම මේ අවසාන තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හැටියට ඥාතිකම් තියෙන ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ක්‍රීඩා කිරීම ගැන සතුට මෙන්ම ඔවුන්ව නොසළකා සිටීම ගැන වේදනාව ද ලාංකිකයන් හැටියට අපට සංනිවේදනය විය යුතුය.එසේම මේ දස්කම් රටක් හැටියට අප අහිමි කර ගත් සම්පත් ද එකතුව තැනෙන බව අප තේරුම් ගත යුතුය.