එඬේරමුල්ලේදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි. දෙදෙනෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (08) උදෑසන එඬේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 54 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 22 හැවිරිදි දියණියයි.

එඬේරමුල්ල දෙස සිට වත්තල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා දැල්වෙමින් තිබියදී ඒ හරහා ගමන් කිරීමට යාමේදී බදුල්ලේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබුණු තැපැල් දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඡායාරූප – Accident 1st

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...

ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික...