එඬේරමුල්ලේදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි. දෙදෙනෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (08) උදෑසන එඬේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 54 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 22 හැවිරිදි දියණියයි.

එඬේරමුල්ල දෙස සිට වත්තල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා දැල්වෙමින් තිබියදී ඒ හරහා ගමන් කිරීමට යාමේදී බදුල්ලේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබුණු තැපැල් දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඡායාරූප – Accident 1st

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...