එක එක කුමන්ත්‍රණවලින් සජිත්ව නැති කරන්න බැහැ – තිස්ස

Date:

කොළඹ LNW:රාජ්‍ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්‍රණ කර සජිත් ප්‍රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ,ඊ්යේ (07) පස්වරුවේ මහනුවර මඩවල දී පැවැති ජන පවුර රැස්විමක් අමතමිනි.

රට බංකොලොත් පිරිස වෙනුවට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අලුත් පිරිසක් සිටින බවයි අත්තනායක මහතා කියා සිටියේ.

”දැන් එන්.පී.පි. කියල එකක් තියෙනවද? එහෙනම් කෝ ජේ.වී.පී. එක . ජේවීපී කියන්නෙත් . එන්.පී. පී. කියන්නේ එකක්. දෙකක් නෙවෙයි. ජේ.වී.පී. එකේ නායකයෝ හැර එන්පීපී එකේ වෙනත් නායකයෝ ඉන්නවද? කවුරුවත් නෑ. අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා ඔය සෙට් එකම නේ එන්පීපී කියල හිට ගෙන ඉනනේ. යූ එන්.පී සජබ කියලත් තර්ක කරන්න පුළුවන්. ඔයගොල්ගොල් යූඑන්පී කාරයෝ නේ කියලා. ඔව් හැබැයි අපේ වෙනසක් තියෙනවා. යුඑන්පි නායකයා රනිල් වික්‍රමසිංහ එයත් එක්ක වජිර අබේවර්ධනයි තව බංකොලොත් වෙච්ච කීප දෙනෙක් ඉනන්වා. සජබ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අලුත් කණ්ඩායමක් එතැන හිට ගෙන ඉන්නවා. එන්පීපී ජේවීපි කියල දෙකක් නැ එකයි.

මේ දවස්වල ලොකු කතාවක් යනවා මාර රැල්ලක්නේ එන්පීපී එකට කියලා. ජේවීපි රැස්විම්වල හිට ගෙන ඉන්නේ ඔවුන්ම අරන් යන ඔවුන්ගේම කණ්ඩායමක්. ඊට අමතරව ගෝඨාට වැඩ කරපු වියත් මගේ කොටසක් එතැන ගිහින් හිට ගෙන ඉන්නවා. මේ වියත් මඟේ උන් තමයි රට බංකොලොත් කළේ. වියත් මඟ කියන එක දිහා හැරිලවත් බලන්න මම කැමැති නෑ. ඒ ගොල්ල තමයි රට බංකොලොත් කළේ. මේ වියත් මඟ මේ රටට කරපු අපරාධවලින් කිහිපයක් මම කියන්නම්.

එක කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය සේවයක් පටන් ගන්න හැදුවා.. ඒකට දශම භාගයක විතර පොලියකට ජපානය ණයක් දුන්නා. මේ වියත් මඟ ඇවිත් ඒක නැවැත්තුවා. ඒක නැවැත්වීම නිසා ජපානය අපිත් එක්ක තරහ වුණා. පසුගිය අවුරුචු 50 60 තුල අපට වැඩියෙන්ම උදව් කරපු රට ජපානය. ජපානය තරහ වුණා. රුපියල් මිලියන 12,000 ක වන්දියක් ගෙවන්න වුණා.

මේ රටේ බංකොලොත් භාවයට ප්‍රධාන හේතුව වුන බදු කපා හැරීමට යෝජනා කරල තියෙන්නෙත් මේ වියත් මඟයි. අනෙක් මේ රටේ කාබනික පොහොරවලට උපදෙස් දිල තියෙන්නෙත් මේ වියත් මඟයි මදිද රටට කරල තියෙන ප්‍රමාණය. රටට මේ හෙන ගහන අපරාධය කළේ ගෝඨට උපදෙස් දුන්න මේ වියත් මඟයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...