සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන බල මණ්ඩල රැස්වීම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සංවිධාන කළ මෙම ආසන බල මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් රැසක්ම එක්ව සිටි බව සඳහන් වේ.
රැළිය ඇමතු බොහෝ දෙනා ප්‍රකාශ කළේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානමින් සිටින බවයි.
එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද මෙහිදි අදහස් දැක්වනු ලැබීය.