කොලොන්නාවේ ජනතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් පොරොන්දුවක් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පොම්පාගාර ඇති කිරීම සඳහා සමගි ජන බලවේග රජයක් තුළ අනිවාර්යයෙන්ම කටයුතු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද සිටින්නේ බලයට පැමිණි පසු බලයෙන් මත්වන පාලකයන් වුවත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් විපක්ෂයේ සිටියදීත් බලයක් නොමැතිව රටට අගයක් එකතු කර ඇති නිසා බලය ලැබුණු පසු ජනතාව රැවටීමකින් තොරව මෙම ගැටලුවලට තිරසර විසඳුමක් ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය දා දිවයිනට බලපෑ මහවැසි නිසා කැළණිගඟ අවට ප්‍රදේශවලට සහ කොලොන්නාව ප්‍රදේශයට බලපෑ ගංවතුරින් හානියට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව ය. මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...