ගහලාද ඇල්ලුවේ, අල්ලලාද ගැහුවේ ? – කුකුල් චමින්ද රෝහල්ගත කිරීම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Date:

කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම්. කේ. චමින්ද නොහොත් කුකුල් චමින්ද නමැත්තා රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම සැකකරුට අනුරාධපුර බන්ධනාගාරය තුළදී රැඳවියන් පිරිසක් විසින් කළ පහරදීමක් හේතුවෙන් ඔහු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා විසින් වාර්ථාවක් කැඳවු අතර, බන්ධනාගාරය තුළදී සැකකරුට නේවාසිකියින් විසින් කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව එම වාර්තාවෙන් අනාවරණය වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

ඔහුව බන්ධනාගාරගත කළ පසුව අධිකරණය වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අතර එහිදී ලද උපදෙස් අනුව ඔහුව රෝහල්ගත කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි ඔහුව ඊයේ (08) දිනයේදී නැවත අනුරාධපුර බන්ධනාගාරයට රැගෙනවිත් ඇති බවත් වාර්තා විය.

මෙම සැකකරු අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් රැගෙන, සමාජ මාධ්‍ය තුළ පළකර තිබූ ඡායාරූප අනුව ඒ අවස්ථාවේදී ඔහු පහරදීමකට ලක්ව ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...