රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව 2023දී අනුමත ප්‍රමාණයට වැඩියෙන් හොඳටම දීමනා ගෙවලා !

සටහන – රුවන් නෙළුගොල්ල

අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව 2023 වසරේදී අතිකාල දීමනා සහ වෙනත් දීමනා ගෙවීම සඳහා අනුමත ප්‍රතිපාදන ඉක්මවා රුපියල් මිලියන 466 කට අධික මුදලක් වැයකර ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

2023 වසරේ එම දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා සහ වෙනත් දීමනා ගෙවීම් සඳහා අයවැය මගින් අනුමත කර තිබී ඇත්තේ රුපියල් මිලියන 922 කි.

එහෙත් එම වසරේ එකී දීමනා වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1458ක් වැයකර ඇති බවයි විගණන වාර්තාවෙන් දැක්වෙන්නේ.

නිෂ්පාදන තත්වය නඟා සිටුවීම සඳහා ගෙවනු ලබන දීමනා සේවකයකුගේ වැටුපෙන් 65%ක් වන සේ 2018 වසර දක්වා අනුමත කර තිබී ඇතත් රජ‍යේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තම සේවකයින් සඳහා ඔවුන්ගේ වැටුපෙන් 102% සිට 353% දක්වා විවිධ වර්ගයේ දීමනා මාසිකව ගෙවා ඇති බවත් අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...