ආර්ථික කමිටුවක් හා වැඩපිළිවෙළක් නොමැති රතු අලි පැටව් ජනාධිපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපතිවරයා සමග ඩීල් දමා රජ⁣යේ රූපවාහිනී නාලිකාවක විවාදයට එන්නැයි තමන්ට කියනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඉන් පළා ගොස් නායකයින්ගේ විවාදයක් ගැන කයිවාරු ගසමින් යන බවත් ආර්ථික කණ්ඩයමේ විවාදය හා නායකයන්ගේ විවාදය යන දෙකටම එකවර දින දෙකක් යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විවාද ගැන කියද්දි රතු අලි පැටවුන්ගේ නායකයා, ඔහුගේ නායකයා වන ජනාධිපතිවරයා ළඟට ගොස් ඇවිටිලි කර පසුගිය දා රාජ්‍ය නාලිකාවක නාඩගම් නැටූ බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ට ආර්ථික කණ්ඩායමක් නොමැති වීම ඔවුන්ගේ වරදක් බවත් ඔවුන්ට වැඩ බැරි වුනාට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බවත් එම නිසා තරගයට වැඩ කිරීමට ඔනෑම අවස්ථාවක තමා සූදානම් බවත් වැඩිදුරටත් පැවසීය.

රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගත හැක්කේ කාටද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් රට බංකොලොත් වී රටට ඩොලර් නැති වී ඇති මේ මොහොතේ කයිවාරු ගහන රතු අලි පැටවුන්ට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් පවා නොමැති බවත් එමනිසා ඔවුන් එම විවාදයට එන්නේ නැති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

එසේවුවත් විවාද දෙකටම තමා සූදානම් බවත් ආර්ථික කමිටු විවාදයෙන් පසුව නායකයින්ගේ විවාදයක සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (08) හලාවතදී “දියඹ දිනන ජන රැල්ල” මැයෙන් පැවති සමඟි ධිවර බලවේගයේ සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...