ISIS වීඩියෝවක් ගැන හෙලිදරව්වක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):

පසුගිය දා ඉන්දියානු මැතිවරණය පෙනි පෙනී අත්අඩංගුවට ගත් අයි.එස්. ත්‍රස්තයන් යැයි කියූ සිව්දෙනා අයි.එස්. මතවාදීන් බව පෙන්වීමට මෙරටදී වීඩියෝවක් නිෂ්පාදනය කර ඇතැයි අනාවරණය වී ඇති අතර , එම වීඩියෝව සඳහා ඉදිරිපත් වූ සැකකරුවන් සිව්දෙනා දිවුරුම් ප්‍රකාශ (බයියත්) දීම සඳහා යොදාගත් අතමාරු වී ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත. සාමාන්‍යයෙන් අයි.එස්. ත්‍රස්තයන් දිව්රුම් දෙන්නේ දකුණු අතේ දඹරඟිල්ල ඔසවා වුවද, මෙවර ඉන්දියාවේදී හසුවූවන් සිටින වීඩියෝවේ වම් අත උස්සා වැරදි වීඩියෝවක් වීඩීකර ඇතැයි හෙළි වී තිබෙන බව සඳහන් වේ.

IS ත්‍රස්තයන් බව හැඟවීමට යොදාගත් වීඩියෝව ව්‍යාජ එකක් බවට වීඩියෝකරණය කළ පුද්ගලයාගෙන් ද අනාවරණ වී ඇති අතර, මෙම සිව්දෙනා මෙහෙයවූ ප්‍රධානියා බව කියන ඔස්මන් ජෙරාඩ් නමැත්තා කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඉන්දියානු ජාතිකයකු සමග පැමිණ ඇතැයි ද හෙළි වී ඇති බව පැවසේ.

ඒ අනුව මෙය අන්තවාදී සිද්ධියක් නොවන බවට අනාවරණ වී තිබීමත්, මෙමගින් රටේ ප්‍රතිරූපයට හානියක් වන නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිවේදනයක් නිකුත් කරන ලෙසද විදේශ කටයුතු ඇමැති අලි සබ්රි දැනුම් දී ඇති අතර, අයි.එස්. ප්‍රහාරයක් සඳහා දිව්රුම් දී ඉන්දියාවට ගිය බව කියන්නට පටිගත කළ වීඩියෝ පටය ඔස්මන් විසින් ඉන්දියාවට යවා ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇතිබව කරුණු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...