සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අහුංගල්ලේ ලොකු පැටී”ගේ ගෝලයන් 3ක් STF දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ සමඟ මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන  අහුංගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවු බව කියන ප්‍රධාන ගෝලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැණුනු බව වාර්තා වේ.

විශේෂ කාර්ය බලාකයට ලැබුන තොරතුරකට අනුව කැස්බෑව කැබැල්ලවත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇති අතර, මෙම සැකකරුවන් එහිදී අත්අඩංගුවට ගෙන ති‌බෙන බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ඔවුන් වීරවිල පාදුක්ක සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්,  මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ සැකකරුවන් ළග තිබි සොයා ගැනුණු අතර, හෙරොයින් කිලෝ 13ක් සහ හෑෂ් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...