සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අහුංගල්ලේ ලොකු පැටී”ගේ ගෝලයන් 3ක් STF දැලේ!

0
471

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ සමඟ මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන  අහුංගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවු බව කියන ප්‍රධාන ගෝලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැණුනු බව වාර්තා වේ.

විශේෂ කාර්ය බලාකයට ලැබුන තොරතුරකට අනුව කැස්බෑව කැබැල්ලවත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇති අතර, මෙම සැකකරුවන් එහිදී අත්අඩංගුවට ගෙන ති‌බෙන බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ඔවුන් වීරවිල පාදුක්ක සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්,  මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ සැකකරුවන් ළග තිබි සොයා ගැනුණු අතර, හෙරොයින් කිලෝ 13ක් සහ හෑෂ් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගත් බවයි.