ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රමුඛ ප්‍රංශ පාර්ලිමේන්තුව විසිරුවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රමුඛ ප්‍රංශ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අතර, ජුනි 30 සහ ජූලි 07 යන දිනවලදී එරට මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා සිටී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් හදිසි මැතිවරණයක් කැඳවීමට ප්‍රංශ ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ මත විමසුමකින් ප්‍රංශ අන්ත දක්ෂිණාංශික පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණයක් ලැබෙන බව පෙන්නුම් කිරීමත් සමග බවයි.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම ඊයේ අවසන් විය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මැක්‍රෝන්ගේ පුනරුද පක්ෂය අභිභවා ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ලැබූ විශාල ජයග්‍රහණයත් සමග මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති බවයි.

කෙසේ වෙතත් මීළග ජනාධිපතිවරණයේදී ලී පෙන් ජයගනු ඇති බවට විදෙස් මාධ්‍ය විශ්වාසය පළකරන අතර, පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි.

ඔහුගේ දෙවන ධූර කාලයේ වසර දෙකක් ගෙවී ඇති අතර මේ වනවිටත් ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඔහුට නොමැති තත්ත්වයක් පවතින බව වාර්තා වේ. දෙවරදීම මැක්‍රෝන් විසින් පරාජයට පත්කරනු ලැබූ ලී පෙන් පවසන්නේ බලය ලබා ගැනීමට තම පක්ෂය සූදානමින් සිටින බවයි.

හදිසි මැතිවරණයක් කැදවීම විශාල විස්මයක් වන අතර ජනාධිපති මැක්‍රෝන්ට එය දැඩි අවදානමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...