දුම්රිය රියදුරු වර්ජනයට විසඳුම් හොයයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

වැඩවර්ජනයට එක්ව සිටින ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සාකච්ඡාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

අද දහවල් 12ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව පැවසෙන නමුත්, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක පවසන්නේ එවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට මේ වන තෙක් තමන් නොදන්නා බවයි.

නමුත්, අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාව දැනුවත් කර ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්ත පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...