පියාසර කරමින් තිබියදී හිම කුණාටුවකට මැදි වූ ඔස්ට්‍රියාවේ ගුවන් යානය!

Date:

කොළඹ LNW: ඔස්ට්‍රියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී හිම කුණාටුවකට හසුව දැඩි ලෙස අලාභහානි සිදුව තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දැඩි හිම කුණාටුවකදී වායුගෝලයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් ගුවන් යානයකට අනතුරු දායක බවයි ඒ සම්බන්ධයෙන් විශේෂඥයින් පවසා ඇත්තේ.

අවදානමකට ලක්වූ එම ගුවන් යානය මගීන් 173ක් හා කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමඟින් පියාසර කර ඇත්තේ ස්පාඤ්ඤයේ Palma de Mallorca සිට ඔස්ට්‍රියාවේ Vienna දක්වාය.

ගුවන් ගමන අතරතුර ඇති වූ මෙම අනතුරුදායක තත්ත්වය ගැන ගුවන් යානය විසින් පණිවිඩ ලබා දී තිබෙන බවත් කෙසේහෝ ආරක්ෂිතව ඔස්ට්‍රියාවේ Vienna වෙත ගොඩබෑමට ගුවන් යානයට හැකිව තිබෙන බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම හිම කුණාටුවෙන් ගුවන් යානයේ ඉදිරිපස කොටසට ගුවන් නියමු කුටියේ ඉහළ කොටසට හානි සිදුව තිබෙන අතර ගුවන් යානයේ වීදුරු ද ඉරිතලා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...