*
Monday, November 25, 2024
spot_img

Latest Posts

ආචාර්ය ඒ ටී ආරියරත්න ට වොෂින්ටනයෙන් උපහාර…!

අශෝක ජයතුංග

ජුනි 10,වොෂින්ටන් LNW :

“එතුමා ලංකාවේ මහත්මා ගාන්ධි යි” – තානාපති මහින්ද සමරසිංහ කියයි.

ගාල්ලේ උපත ලබා මහින්දය හරහා ලෝකය ජයගත් ගමන….!

   

වසර 93 ක් ආයු වළදා පසුගියදා අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදයේ නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න ශූරීන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්විණ.

             ගාල්ල උණවටුනේ උපත ලබා ගාල්ල මහින්දයේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා නාලන්දාවේ ගුරුවරයෙකු ලෙස සේවය කිරීම හා 1958 දී සර්වෝදය අරඔා ගමේ දුගීකම නැතිකර වෘත්තීය පුහුණුව ළදරු පාසල් හරහා ලංකාවේ සමාජ පරිවර්තනයකට කැපවූ අයුරු ගැන  වීඩියෝවක් ද ප්‍රදර්ශනය කෙරිණ. ඔහු කල සේවයට  ඉන්දියානු ගාන්ධි සාම ත්‍යාගය පිලිපීනයේ මැග්හෙයිසර් හා ලංකා අභිමානී ඇතුළු ලොව ඉහළම සම්මාන රැසකින් පිදුම් ලැබීය.

       වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතා ආරියරත්න ශූරීන් ගේ ඡායාරූපයට පහනක් දැල්වූ පසු ඇමෙරිකාවේ සර්වෝදය අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ජෝන් කුන්රොඩ් මහතා මල්මාලය පැළදවීමෙන් උත්සවය ඇරඹින.

        මේරිලන්ඩ් විහාරාධිපති උතුරු ඇමෙරිකාවේ අධිකරණ සංඝ නායක කටුගස්තොට උපරතන නාහිමි පිරිස පංචශීලයේ පිහිටවා ආරම්භක දේශනය සිදු කළේය. තානාපති  සමරසිංහ මහතා කතා කරමින් මෙසේ කීය.

     “ලංකාවේ එකම මානව හිමිකම් ඇමති ලෙස මම ආරියරත්න ශූරීන් සමග කටයුතු කළා. සෑම මනුෂ්‍යයෙකුටම උසස් ජීවන තත්වයක් හා සමාජ ආර්ථික දේශපාලන අයිතීන් හා හිමිකම් එතුමා  ප්‍රාර්ථනා කලා. ඒ තුළ ලංකාවේ මහත්මා ගාන්ධි ආරියරත්න මහතායි. එම පුත් වෛද්‍ය වින්‍යාත් පියා මෙන්ම මනුස්සකම හා මානව අයිතීනින් අගයන කෙනෙක්” තානාපති සමරසිංහ මහතා පැවසීය.

      එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරීස් පේරාදෙනිය වි: විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය සුමන රත්නායක හා ඇමෙරිකානු ජාතිකයන් කිහිප දෙනෙක් ද කතා කළහ.  ලංකාව හා විවිධ රටවල සිට විශාල පිරිසක් සූම් හරහා එකතුවූ අතර ඉන් කිහිප දෙනෙක් ද අදහස්  දැක්වුහ. 

      සර්වෝදය වත්මන් නායක  වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා එහි වත්මන් ගලායාම හා අනාගත සැලසුම් ගැනත් නිත්‍ය සේවකයන් 1500 හා ස්වේච්ඡා සේවකයන් ලක්ෂයක ගේ කැපවීම හා ඉන් සිදු කිරීමට අපේක්ෂිත සේවය විස්තර කළේය. නීතා ආරියරත්න මහත්මිය ශ්‍රී ලංකාවේ සිට සූම් හරහා සම්බන්ධ වෙමින් ස්තුති කතාව සිදුකලාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan