ඡන්දයට මාස 4යි. ජනාධිපති වැය ශීර්ෂයට තවත් කෝටි 875ක් ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති වැය ශීර්ෂය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් කෝටි 875ක මුදලක් අනුමත කරගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර ලබන 18 වනදා එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ,

“පාර්ලිමේන්තුවට කෝටි 875ක ඇස්තමේන්තුවක් අපි ඉදිරිපත් කිරීම පසුගිය සිකුරාදා සිදු කළා. මේ වෙනකොට ලංකාවේ සෑම තැනකම අතරමග නැවතිච්ච ව්‍යාපෘති රාශියක් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසාන වනතෙක් මේ සියල්ල කරගෙන යන්න පුළුවන් ආකාරයට මේ මුදල් මේ වැය ශීර්ෂයන්වලින් මාරු කරලා තියෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා” යනුවෙනි.

තවත් මාස හතරකින් පමණ ජනාධිපතිවරණය පැවැත්වීමට ද නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...