අද (11) දවසේ තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ

සටහන – රුවන් නෙළුගොල්ල

අද (11) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...

ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික...