තරුශි හයසීයෙන් අට සීයට පාර කපා ගන්න ස්පාඤ්ඤයට යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 11, කොළඹ (LNW): තරුශි කරුණාරත්න ස්පාඤ්ඤයේ පැවත්වෙන bilbaoatletis මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් එහි පැවත්වෙන මීටර් 600 ඉසව්ව නියෝජනය කරන්නට නියමිතය.ඇය 14 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර එහිදී ඇය උත්සාහ කරනු ලබන්නේ පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍යය මට්ටමට ළඟා වීමටය.


තරුශි ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කරන්නේ මීටර් 800 ඉසව්වෙන්ය.එහි සෘජු සුදුසුකම සඳහා තරුශි මීටර් 800 ඉසව්ව විනාඩි 1:59.30 න් නිමා කළ යුතුව ඇත.මේ කාලය වාර්තා කරන්නට මීටර් 800 ඉසව්ව ස්පාඤ්ඤ උළෙලට ඇතුළත් නොවන අතර ඒ වෙනුවට ඇතුළත් කර තිබෙන්නේ මීටර් 600 ඉසව්වය.ඇය මීටර් 800 ඉසව්වේ දී විනාඩි 1:59.30 ට නිමා කිරීමෙන් ජාත්‍යන්තර මලල ක්‍රිඩා ලකුණු සටහනෙන් හිමි කර ගත හැකි ලකුණු හා සමාන ලකුණු ප්‍රමාණයක් හිමි කර ගැනීමට නම්, මෙම මීටර් 600 ඉසව්ව විනාඩි 1:24.71 සහ විනාඩි 1:24.67 දක්වා අතර කාලයකින් නිමා කළ යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...