රනිල්ට හේත්තු වුණු මන්ත්‍රීලාට පොහොට්ටුවේ පලා බෙදිල්ල දිගටම …

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන සම්මේලනය පහුගිය 09 වෙනිදා රත්තොට නගරයේදී පැවැත්වුණා.

ඒ, පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මේ ආසන සම්මේලනය සංවිධානය කරලා තිබුණේ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක විසින්.

පක්ෂ මහලේකම් සාගර කාරියවසම්, පක්ෂයේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක තිස්සකුට්ටිආරච්චි, ඩී. වීරසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් වගේම පාක්ෂිකයින් විශාල පිරිසකුත් මීට එකතුවෙලා හිටියා.

හැබැයි පොහොට්ටුවේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන්ට හෝ ඔහුගේ පුතා වන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට හෝ මේ ආසන සම්මේලනයට ආරාධනා කරලා තිබිලා නෑ.

ප්‍රමිත නම් මේක ගැන බොහොම කේන්තියෙන් ඉන්නවා කියලා තමයි ආරංචි. මේක තමන්ගෙ පියාට කරපු අගෞරවයක් සහ මදි පුංචිකමක් බවත් පොහොට්ටුව වැඩ කරන්නේ මේ විදියට නම් ඒකෙ ප්‍රතිඵල එයාලාට ලැබෙනු ඇති බවත් ප්‍රමිත මාධ්‍යවලටත් කියලා තිබුණා ලු.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියන්නේ පහුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී ඉඳපු, ජනාධිපතිවරයා වෙනුවෙන් පොහොට්ටුවේ අය එක්ක පවා කචල් දාගත්තු කෙනෙක්. ඉතින් ඔහුටත් ඔහුගේ තාත්තාටත් මේ ආසන සම්මේලනයට ආරාධනා නොකරපු එක පුදුමයක් නෙවෙයි කියලායි පොහොට්ටුවේ අය නම් කියන්නේ.

මීට කලින් තිබුණු කලාවැව ආසන සම්මේලනයේදීත් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී ඉන්න රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහට ආරාධනා නොකරන ඉන්න ඒ සම්මේලනයේ සංවිධායකයින් කටයුතු කරලා තිබුණා. ඒ අනුව දැන්ම තියා රනිල්ට හේත්තු වුණු අයට පොහොට්ටුව පලා බෙදන්න පටන් අරන් කියන එක පැහැදිලියි. ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයක් කොහොමත් එන නිසා මේකෙ බලපෑම පොඩි එකක් නෙවෙයි කියලායි දේශපාලන විචාරකයින් කියන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...