මුලින්ම ඔය නාකියෝ සෙට් එකම එළවන්න ඕනේ. නැත්නම් අපි කැමති ජීවිතේ හදාගන්න බෑ – NPP නිළි මනෝජා

Date:

තමන් නම් සීයා කෙනෙකු තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වනවිට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් ජාතික ජන බලවේගයේ නායිකාවක් වන නවක නිළි මනෝජා ප්‍රනාන්දු පවසයි.

“අපේ කසින් සීයා කෙනෙක් ඉන්නවා, එයා කොළඹ එනකොට අපේ ගෙදර තමා නවතින්නේ. සීයා වයසයිනෙ, ඒ නිසා අපි එයාව දරුවෙක් වගේ තමා බලාගන්නෙ. සීයාට කන්න ටික ළඟට දෙනවා, බෙහෙත් ටික ළඟට දෙනවා, හැමදේම ළඟට දෙනවා. කොච්චර අවශ්‍යාවයක් තිබ්බත් අපි සීයාව කඩේකටවත් යවන්නෙ නෑ. අපි කොටින්ම කොච්චර අවශ්‍යතාවයක් තිබ්බත් සීයාව ගෙදර තනියම දාලා යන්නෙත් නෑ. දැන් මම කල්පනා කළා සීයාටත් අවුරුදු හැත්තෑ ගාණක වයසක මනුස්සයෙක්, යකෝ දැන් රට පාලනය කරන්නෙත් ඒවගේ සීයා කෙනෙක් නෙ. මාර ප්‍රශ්නයක් නේ ? මේ අපේ ගෙදර ඉන්න සීයා වගේ සීයා කෙනෙක් තමා මේ වෙලාවේ රටේ ජනාධිපතිවරයා වෙලා ඉන්නෙ. ඒක වෙන්න පුළුවන්ද ? ඒක විහිළුවක්.

මම 90 දශකයේ යුවතියක්. මගේ පුංචි කාලේ මේ රටේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඒ කාලෙ ඔය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයක් දැරුවා. මහින්ද රාජපක්ෂත් මං හිතන්නෙ මොකක්හරි ඇමතිකමක් කරගෙන හිටියා. ඉතින් මම දැන් දශක කිහිපයක් ජීවත් වෙලා තියෙනවා, ලොකු අවුරුදු ගාණක්. ඒ අවුරුදු ගාණ ඇතුළත ආයෙ අනිත් පැත්ත හැරිලා බලනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති. මහින්ද රාජපක්ෂත් අත්වාරුවෙන් හරි අමාරුවෙන් පාර්ලිමේන්තුවට බඩගානවා. චන්ද්‍රිකාත් ආණ්ඩුවෙන් ගෙවන ගේකට වෙලා ඉන්නවා. මේකද වෙන්න ඕනෙ ? මේක තනිකර විහිළුවක් නෙවෙයිද කියන්නකො. ඒගොල්ලො හිටියයි කියලා කරපු දේකුත් නෑ. කරලා තියෙන්නෙ තනිකරම මේ රට කාලා, වනසලා, තියෙන සම්පත් ටිකත් තුට්ටු දෙකට විකුණපු එක විතරයි. හොඳට මතක තියාගන්න, මෙන්න මේ නාකියො සෙට් එක නිසා තමා අපි මේ විදියට අපේ ලස්සනම තරුණ කාලෙ මේ වගේ කැත විදියට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඔන්න ඔය නාකියො සෙට් එක නිසා. මුලින්ම ඔය නාකියො සෙට් එක අපි එළවන්න ඕනෙ. නැත්නම් අපි කැමති විදියට ජීවිතයක් අපට කවදාවත් හදාගන්න බැරිවෙනවා”

මනෝජා ප්‍රනාන්දු මේ බව පැවසුවේ පසුගියදා (09) හම්බන්තොටදී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...