නීතිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවට බලයක් නෑ – ජී.එල්. පීරිස්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

නීතිපතිවරයෙකුට සේවා දිගුවක් ලබා දීම 1948න් පසු සිදුවන්නේ වර්තමානයේ බවත්, නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

ඒ අනුව,නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බව ද පැවසීය.

මැතිවරණ කාල සීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.ඔහු සඳහන් කළේ, නීතිපතිවරයෙකු පත් කිරීමට ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබා දීමට හැකි වුවත්, නීතිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවට බලයක් නැති බව ය.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවකට කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...