යුරෝපයේ කොකේන් වෙළෙඳාමට අප්‍රිකානු සංක්‍රමණික දරුවන් යොදාගන්නා බවට අනාවරණයක්!

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 11,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යුරෝපයේ වේගයෙන් වර්ධනය වන කොකේන් වෙළදාමට සංක්‍රමණික අප්‍රිකානු සංක්‍රමණික දරුවන් වැඩි වශයෙන් යොදා ගනිමින් සිටින බව බරපතල සංවිධානාත්මක අපරාධ සහ මිනිස් ජාවාරම් විමර්ශනය කරන යුරෝපා සංගම් පොලිස් බලකාය තොරතුරු අනාවරණය කර තිබේ.

මෙම දරුවන් ස්වීඩනය, බෙල්ජියම, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය මත්ද්‍රව්‍ය අලෙවි කිරීම වෙනුවෙන් යොදාගෙන තිබු අතර අප්‍රිකානු බාල වයස්කාර දරුවන් සිය ගණනක් මොක්‍රෝ මාෆියා කල්ලිය ඇතුළු කුරිරු කල්ලි සමඟ සම්බන්ධව සිටියි. ළමා ආරක්ෂණ ඒජන්සි මේ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් සඳහන් කර තිබුණේ, මත්ද්‍රව්‍ය විකිණීමට අපොහොසත් වුවහොත් වධහිංසා පැමිණවීම් සහ දූෂණය ඇතුළු කුරිරු ක්‍රම මෙම දරුවන් ලක්වන බවයි.

මෑතකදී පොලිසිය විසින් මෙලෙස විවිධ හිංසාවන්ට හා පිඩාවන්ට ගොදුරු වූ මොරොක්කෝ සහ ඇල්ජීරියානු ළමුන් ගණනාවක් බේරා ගැනීමත් සමඟ මාර්තු මාසයේදී යුරෝපා සංගම් පොලිස් බලකාය, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ යුරෝපෝල් සමඟ රැස් වී දරුවන් මෙමඟින් ගලවා ගැනීම සඳහා කරුණු සාකච්ජා කරනු ලැබිය. මෙහිදී Flemish ළමා අයිතිවාසිකම් කොමසාරිස් කැරොලයින් Vrijens සඳහන් කර තිබුණේ, අප්‍රිකානු දරුවන් යුරෝපයේ දී වඩාත්ම අවදානමට ලක්විය හැකි බවත්, ගැටලුව විසඳීමට බලධාරීන්ගෙන් හදිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බවත්ය.

නවතම පොලිස් දත්ත පෙන්නුම් කරන්නේ 2022 දී යුරෝපයට නොපැමිණි ළමුන් 15,928 ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කිසිදු සොයා ගත හැකි හෝඩුවාවක් නොමැතිව අතුරුදන්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...

පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය...

වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා…!

අශෝක ජයතුංග අගෝස්තු 04 වොෂින්ටන් LNW : ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව...