තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW: එළඹෙන 2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය හිමිව ඇත.

රටක් තුළ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම තීරණාත්මක සාධකයක් වන අතර පැවති රජයන් විසින් වරින්වර හඳුන්වා දෙනු ලැබ ඇති විවිධ ප්‍රතිපත්තීන් අනුව තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම හේතුවෙන් මෙරට ආයෝජන සඳහා වන තරගකාරී පරිසරයට අයහපත් බලපෑමක් සිදු ව ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමාගේ උපදෙස් මත ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ නියෝජිතායතනවල සාමාජිකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...