2021 වසරේ සැප්තැම්බරයට පසු බ්‍රිතාන්‍යයේ  විරැකියා අනුපාතය ඉහළම අගය වාර්තා වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වසර දෙකහමාරකට පසු බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතයේ ඉහළම අගය වාර්තා වී තිබෙන බව වාර්තා වේ. 2021 වසරේ සැප්තැම්බර් මාසයට පසු බ්‍රිතාන්‍යයේ  විරැකියා අනුපාතය ඉහළම අගය වාර්තා වී ඇති අතර එහි අගය සටහන් වන්නේ සියයට 4.4 ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කරන්නේ, විරැකියාව ඉහළ ගිය රැකියාවල නියුතු පුද්ගලයන්ගේ ආදායම ඉහළ ගොස් ඇති බවයි.

පාරිභෝගික භාණ්ඩ මිලට සාපේක්ෂව පුද්ගල ආදායම ඉහළ ගොස් ඇති බවත්, බ්‍රිතාන්‍යයේ ශ්‍රමදායකත්වය ලබා දිය හැකි වයස්වල පසුවන්නන්ගෙන් පහෙන් එකක් රැකියා සදහා අයදුම් නොකරන බව ද වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මාසයේදී එරට ජීවන වියදම ඉහළ යාමත් සමග වැටුප් වර්ධකයක් බලාපොරොත්තු වූ අතර, වයස අවුරුදු 21 හා ඊට වැඩි රැකියාවල නියුතු පුද්ගලයන්ට පැයට බ්‍රිතාන්‍ය පවුම් 11යි ශත 44 ක දීමනාවක් මේ වන විට ලබා දෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 9.8 ක ඉහළ යාමක් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...