ලංකා ඉතිහාසයේ දැවැන්තම බැඳුම්කර වෙන්දේසිය අද

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුව විසින් අද (13) දිනයේදී රුපියල් මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙය මෙරට මූල්‍ය ඉතිහාසයේ එක් දිනක් තුළ පැවැත්වෙන විශාලතම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය බව පැවසේ.

මෙහිදී පරිණත කාණ්ඩ තුනක් යටතේ වෙන්දේසිය පැවැත්වේ.

ඒ, පහත සඳහන් ආකාරයට ය.

2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්

2029 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 125,000 ක්

2031 දෙසැම්බර් 01 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 110,000 ක්

මීට දින 8 කට පෙර, එනම් ජුනි 05 වෙනිදා ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පැවැත්වූ අතර එහිදී නිකුත් කෙරුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 235,000 ක් විය.