මියගිය තරුණ දරුවා ගැන විශාල කණගාටුවක් මට තියෙනවා – රිය අනතුර ගැන නලින් කතා කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිට්ටඹුව ප්‍රදේශයේදී පසුගිය දිනක තම මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලබා මියගිය තරුණයා සම්බන්ධයෙන් තමන් ඉතාම කණගාටු වන බවත් අනතුර සම්බන්ධ විස්තර පොලීසියෙන් දැනගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පවසයි.

“මං ඇත්තටම ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. එදා ජුනි 03 වෙනිදා කන්තලේ අපේ ගොවි සමුළුව පවත්වලා තමයි මම කන්තලේ ඉඳන් පිටත්වෙලා ආවෙ. මහ වැස්ස. පාන්දර දෙකහමාරට ආසන්න වෙලාවකදී මගේ රථයේ මෝටර් බයිසිකලයක් ගැටෙනවා, නිට්ටඹුව පොලිසියට කලින්. ඒ සම්බන්ධව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වලා කටයුතු කරලා තියෙනවා. ඒ මියගිය තරුණ දරුවා ගැන මට විශාල වේදනාවක්, කණගාටුවක් තියෙනවා. මම මේ ගැන කතා කරන එක සුදුසු නෑ. ඒ පවුලේ අය එහෙම නැත්නම් පොලිසිය තමයි මේකට උත්තර දෙන්න ඕනෙ. සමාජ මාධ්‍ය මේ සම්බන්ධව මට මඩ ගහනවා. මේ සම්බන්ධව මම අඩුගාණෙ එදා දෙකහමාරෙන් පස්සේ දවස් හතක්ද හයක්ද යනකල් නිට්ටඹුව පොලිසියටවත් පොලිස් අධිකාරීවරයාටවත් එතනින් උඩ ඩීඅයිජී කෙනෙකුටවත් අයිජීටවත් කිසිම කෙනෙකුට කෝල් එකක් දීලා නෑ. ටිරාන් අලස් ඇමතිතුමාටවත් මම කෝල් දීලා නෑ. ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමේ වගකීම තියෙන්නෙ නිට්ටඹුව පොලිසියට. ඔවුන් ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඔවුන් කට උත්තර අරන් තියෙනවා. ඒ දරුවාත් එක්ක ඒ වෙලාවේ තව මෝටර් සයිකල් එකක් සහ කාර් එකක් ආවා. ඒ අයගෙන් කට උත්තර අරන් තියනවා. ඉතින් ඒ කට උත්තර බලලා තීන්දු කරන්න මොකක්ද වුණේ කියන එක පිළිබඳව. නැතිව මම මේ ගැන කතා කරන එක ඒ මියගිය දරුවාට කරන අසාධාරණයක්. පොලිසියෙන් අහන්න, ඒ පවුලෙ අයගෙන් අහන්න. විශාල වේදනාවක් මට තියෙනවා ඒ අවස්ථාවේ ඒ සිදුවීම සම්බන්ධව. මොකද ඉතාම ලොකු වැස්සක, සමහරු කිව්වා අපි වේගයෙන් ඇවිල්ලා කියලා, වේගයෙන් තියා කිලෝමීටර් 60 – 65 ටවත් යන්න පුළුවන් තත්වයක් තිබුණෙ නෑ, පාරෙ ඉස්සරහ පේන්නෙ නෑ. අපි අපේ මංතීරුවේ ගමන් කළේ. ඉතින් ඒ නිසා මං මේ ගැන ප්‍රකාශ කරනවාට වඩා හොඳයි, ඒ වෙලාවේ නිට්ටඹුව පොලීසියට ඔන්න මෙන්න තියලා හැප්පුණේ, සිද්ධිය වෙලා විනාඩි දෙකක් යන්න කලින් පොලිස් නිලධාරියෙක් එතෙන්ට ආවා, ඉතින් ඒ නිසා මම සිද්ධිය ගැන වැඩිදුර කතා කරන්නෙ නෑ. පොලිසියෙන් විමසන්න. මම ඒ දරුවා ගැන කණගාටුව පළකරනවා”

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...