ගංවතුරින් විපතට පත් කඩුවෙල සහ සීතාවක ජනතාවට වියළි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීම සාගලගේ ප්‍රධානත්වයෙන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පැවති අයහපත් කාලගුණයෙන් ඇති වූ ගංවතුරින් විපතට පත් සීතාවක සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව වෙත වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම, ඊයේ (14) දිනයේදී උක්වත්ත, සීතාවක, වැලිකන්න, කහහේන, හංවැල්ල, වැලිවිට යන ප්‍රදේශ වල දී ජනාධිපති ජ්‍යේෂ්ඨ ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ස්වාභාවික විපත් ඇතිවීමට දේශගුණික විපර්‍යාස පමනක් නොව මිනිසාගේ විනාශකාරී ක්‍රියාකාරකම්ද බලපාන බවත්, අනවසර ඉදිකිරීම්, කාණු පද්ධති හරස් කිරීම්, ඉඩම් ගොඩකිරීම් වැනි පරිසරයට හානිකර ක්‍රියාකාරකම් හඳුනාගෙන එම ක්‍රියා නැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් සාගල රත්නායක මහතා එහිදී පැවසීය.

එමෙන්ම පරිසරයට හානිකර ක්‍රියා නැවැත්වීමෙන් පසු ස්වාභාවික ආපදා අවම වීමෙන් ජනතාවට ආහාර සලාක නොව ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නංවමින් සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනම් කරන බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...