අයිසීසී ය අටෙන් හයක් නිවේදනය කරයි!

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූනි 15, (LNW) කොළඹ: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපරි අට වටය නියෝජනය කරන කණ්ඩායම් අතරින් හයක් ස්ථීර ලෙස ප්‍රකාශයට පත් කරන්නට අයිසීසී ය ඊයේ වන විට කටයුතු කර තිබුණා.ඒ අනුව ලෝකයේ ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් හැටියට සැළකෙන ශ්‍රී ලංකාව,පකිස්තානය සහ නවසීලන්තවය සුපිරි අට වටයේ තරග සඳහා අවස්ථාවක් ඇත්තේම නැති බවත් තහවුරු කර තිබෙනවා.

ඉවතට වීසි වන කණ්ඩායම් වන නවසීලන්තය,පකිස්තානය දම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙලින් 6,7 සහ 8 යන ස්ථානවල පසු වෙනවා.මේ රටවල් තුනට පහළින් 10 සහ 17 යන ස්ථානවල පිළිවෙලින් සිටින ඇෆ්ගනිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම් දෙක මේ වන විටත් අවසන් අට දෙනා අතරට පිවිස තිබෙනවා.එසේම නව වන ස්ථානයේ සිටින බංගලාදේශය ද බොහෝ විට සිය ස්ථානය තහවුරු කරගෙන සිටින බව පැහැදිළියි.නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන තරගයෙන් නෙදර්ලන්තය ජය ගත්ත ද එය විශාල ලකුණු වේගයක් සහිත ජයක් නොවුණොත් බංගලාදේශයේ ස්ථානය තහවුරු වෙන බැවින් බංගලිදේශයට එම තරගයෙන් බලපෑමක් ඇති විය නොහැකියි.
එසේම එංගලන්තය සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙලින් 4 වන සහ 12 වන තැන් හී සිටිනවා.මේ වන විට ස්කොට්ලන්තය ඉදරියෙන් සිටියත් සමහර විට ස්කොට්ලන්තය ඕසට්‍රේලියාව ඉදරියේ පරාජය වුවහොත් ඒ පරාජය වන ස්වභාවය සහ එංගලන්තය නැමීබියාව සමඟ තරගය ජය ගතහොත් ඒ ජය ගන්නා ආකාරය අනුව එම කණ්ඩායම් දෙකෙන් එකක් සුපිරි අටට පිවිසීමද තීරණය වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...