ව්ලැදිමීර් පුටින්ගෙන් යුක්රේනයට කොන්දේසි කිහිපයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී , ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රටවල් 90 ක සහ ලෝක සංවිධාන රැසක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් ස්ථාපිත කළ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ඇරැයුම් කර නොතිබුණු බවද වාර්තා වේ.

සාම සමුළුවට එක් වුණු යුරෝපා බටහිර රටවල් සියල්ල, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...