ව්ලැදිමීර් පුටින්ගෙන් යුක්රේනයට කොන්දේසි කිහිපයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී , ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රටවල් 90 ක සහ ලෝක සංවිධාන රැසක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් ස්ථාපිත කළ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ඇරැයුම් කර නොතිබුණු බවද වාර්තා වේ.

සාම සමුළුවට එක් වුණු යුරෝපා බටහිර රටවල් සියල්ල, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...