ජූලි මාසයේදී කොළඹ අඩු ආදායම්ලාභීන් 250,000කට නිවාස අයිතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

එළැඹෙන මාසයේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ අද (17) පැවති උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලෙස මහවැලි වලව කලාපයේ ජනපදිකයින් 1,524 දෙනෙකුට ඔප්පු ලබාදීමේ වැඩසටනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණි.

ජනාධිපතිවරයා මෙහිදී පැවසූවේ,

“ගිය අවුරුදු 75 දී මේ ඉඩම් අයිතිය දීලා, සින්නක්කර අයිතිය නොදුන්නට මේ ඉඩම් දියුණු කරන්න දීලා, පාසල් හදලා විදුලිබලය හදලා, ස්මින් පූල් හදලා, මේ ඔක්කෝම හදලා තියෙනවා මේ ප්‍රදේශයේ. මට පුදුමයි සමහර අය අහනකොට මොකද්ද මේ අවුරුදු 75 කළේ කියලා. අයිස්ලන්තයේ හිටියොත් මිසක නැත්නම් දැනගන්න ඕනේ මොකද්ද වුණේ කියලා. මේ රටේ අමාරු කාලයේ හැම එක්කෙනාටම දුක්විඳින්න තියෙනවා. අලාභය අපි බෙදාගන්නවා. හොඳ වෙද්දි ලාභය අපි ඔක්කෝමල්ලා බෙදා ගන්න ඕනේ. මම බැලුවා අපිට උදව් කරන සමාන්‍ය ජනතාවට ලාභයෙන් කොටසක් දෙන්න බැරි කියලා. අපි අභාභයෙන් දුන්නා නම් ලාභයෙනුත් කොටසක් දෙන්න ඕනේ. බැලුවේ සින්නක්කර අයිතිය හැමෝටම ලබලා දෙන්න. කොළඹ කුඹුරු නෑ බෙදලා දෙන්න. ඒත් අඩු ආදායම් තට්ටු නිවාස තියෙනවා 250,000 අයිතිය මම ලබන මාසේ දෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...