රාජ්‍ය ආයතනවල හිඟ බදු තවදුරටත් පවතිනවා – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 21 , කොළඹ (LNW):


තවදුරටත්
රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

“ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලත් දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා. විපක්ෂය දැන් කියන්න උත්සාහ කරනවා මේ අයකර ගන්න තියෙන දේවල් අයකර ගන්නේ නැතුව අලුත් දේවල් කරන්න හදනවා අපි හිටියා නම් ඔහොම නෑ කියන්නනේ ඔය උත්සාහය. ඕක සරල තර්කයක්. රජය හැටියට පැහැදිලිවම කියන්න ඕනේ ඔව් හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක අපේ රටේ බදු නීතියේ තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකයේම තියෙනවා. රජය විසින් බද්දක් ගෙවන්න කිව්වහම නීතිය ඉදිරියේ ගිහින් අභියාචනා කරන්න රජය කිව්වට අපිට මේක ගෙවන්න බෑ කියලා අධිකරණයෙන් අධිකරණයට යන්න සමස්ත ජනතාවට අයිතියක් තියෙනවා. ඒ තුළ තියෙන ඒවා තමා මෙතැන වැඩිපුර තියෙන්නේ. දෙවැනි එක රජයේ ආයතන ගෙවන්න තියෙන බදු. මම කියන්න ඕනේ හිඟ බදු අයකර ගැනීමට රජයට තියෙන සියලු බලතල මේ යුගයේ තරම් ක්‍රියාත්මක කරපු යුගයක් තවත් නෑ.” ලෙස අමාතවරයා කියා සියියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...