රැකියා ලබාගත නොහැකි උපාධිධාරීන් බිහිකිරීම විහිළුවක්. IT සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රචලිත කළ යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අපේ දරු පරපුරට ලබා දිය හැකි ඉහළම තෑග්ග වන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ නූතනවාදී අධ්‍යාපනයක් බවත් අපේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත්, නූතනවාදී, ප්‍රායෝගික විය යුතු බවත් ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයෙන් නම් රටටත් දරුවන්ටත් වැඩක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අධ්‍යාපන ක්‍රමයේ ඇති ගැටලු නිසා අපේ රටේ දරුවන් කොපමණ ඉගෙන ගත්තත් විරැකියා පෝළිමට යාමට සිදුව ඇති බවත් මේ නිසා රට තුළ රැකියා විරහිත උපාධිධාරින් 40,000 – 50,000ක් පමණ ප්‍රමාණයක් සිටින බවත් මේ අතර කලා උපාධිධාරීන් වැඩි බවත් ඔවුන්ට පෞද්ගලික අංශයේ පවා රැකියා නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අප රටේ කලා උපාධිධාරීන්ට ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් පවා රැකියා ලබා දීමට ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇති බවත් රැකියාවක් ලබාගත නොහැකි උපාධිධාරීන් බිහි කිරීම විහිළුවක් බවත් එම නිසා තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රචලිත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 244 වැනි අදියර යටතේ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. මෙහි දී පාසලේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරිම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළ අතර මෙම පාසලේ නව නිර්මාණ ක්ෂේත්‍රයෙන් දස්කම් පාන දරුවන් දිරිමත් කිරීමට එක් දරුවකුට රු.20,000 බැගින් පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 244ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2738ක් ද වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...