විමල්ලාත් තුට්ටුවකට විශ්වාස නෑ. අපි එපා කියද්දී එදා 20 ට අත ඉස්සුවේ – මුරුත්තෙට්ටුවේ හිමි

Date:

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ඡන්දය භාවිතා නොකරන ලෙස තමන් එදා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් එම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ බවත් ඒ අනුව කිසිදු දේශපාලනඥයෙකු තුට්ටුවකට විශ්වාස කළ නොහැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“ඇත්ත වශයෙන්ම මේ දේශපාලනඥයින් කියන ඒවා මම පිළිගන්නෙ නෑ. දේශපාලනඥයො වාසියට කතාකරන ජාතියක්. මේ 20 වැනි සංශෝධනය එනකොට අපි කිව්වා සාකච්ඡා කරලා විමල් වීරවංශ මහත්තුරුන්ටත් අපි කිව්වා මේකට අත උස්සන්න එපා කියලා. නමුත් අත ඉස්සුවා. වැරදිච්ච තැන තමයි දැන් ඇවිල්ලා කතා කරන්නෙ. ඒ නිසා දේශපාලනඥයෝ තුට්ටුවකටවත් විශ්වාස කරන්න බෑ කියන එකයි මම කියන්නෙ”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...