උතුරේ ජනතාවගේ වැඩි කැමැත්ත සජිත්ට – ධර්මලිංගම් සිද්ධාර්ථන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට දෙමළ ජනතාවගේ සහාය ලබාගැනීම අසීරු වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.

ප්‍රශ්නය – දෙමළ සන්ධානය දෙකට කැඩිලාද ?

“ඔව්”

ප්‍රශ්නය – ඒකෙ ඉන්න පක්ෂ මොනවාද ?

“ප්ලොට්, ටෙලෝ, ඊපීආර්.එල්.එෆ්, වෙන පාටි ඉන්නවා පරණ එල්ටීටීඊ කට්ටිය ..”

ප්‍රශ්නය – මුලින්ම මහමැතිවරණය තිබ්බොත් කොහොමද ඕගොල්ලො තරග වදින්නේ ?

“ETNA තමයි කන්ටෙස්ට් කරන්න හිතාගෙන ඉන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ සැරේ ITAK එකේ ලකුණින් ඉල්ලන්නෙ නෑ ?

“අපි කැමති නෑ. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 4ක් තියෙනවා. ITAK එකට 5ක්. එයාලා අහන්නෙ නැතිව ජාතික ලැස්යිතුව නම් කළා. ඒක වැරදියි නෙ”

ප්‍රශ්නය – ITAK එකත් කැඩිලාද තියෙන්නෙ ?

“නිල වශයෙන් කැඩිලා නෑ. නමුත් එයලාගෙ භේදයක් තියෙනවා”

ප්‍රශ්නය – මුලින්ම ජනාධිපතිවරණය තිබ්බොත් දෙමළ අපේක්ෂකයෙක් දානවා කිව්වාට ප්‍රධාන පක්ෂය තමයි ITAK එක. ඒගොල්ලො තවම තීරණයක් කියලා නෑ ?

“සුමන්දිරන් දෙමළ අපේක්ෂකයෙක් දානවාට විරුද්ධයි. නමුත් ශ්‍රීධරන් කැමතියි”

ප්‍රශ්නය – ජනාධිපතිතුමා ඡන්දයට එයිද ?

“මං හිතනවා”

ප්‍රශ්නය – පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට සහාය දුන්නොත් දෙමළ මිනිස්සු ජනාධිපතිතුමාට සහාය දෙයිද ?

“ටිකක් අමාරුයි”

ප්‍රශ්නය – සජිත් ප්‍රේමදාස අනිත් පැත්තෙන් අනුර දිසානායක. ඒ දෙන්නාගෙන් දෙමළ ජනතාව අතර වැඩිම ජනප්‍රිය කවුද ?

“වැඩිම සජිත්ට තියෙනවා”

ප්‍රශ්නය – සජිත් ප්‍රේමදාස මහත්මයාව ඔබතුමා ගිහිල්ලා හම්බවුණා. එතුමා කිව්වානෙ එතුමා බලයට ආවොත් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා ?

“එයා ITAK එකට කිව්වා 13 වෙනි සංශෝධනය දෙන්න කැමතියි කියලා”

ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...