එක්සත් ජනපදය පුරා තාප අනතුරු ඇඟවීම් පිලිබඳ නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 24,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය පුරා මිලියන 100කට අධික ජනතාවක් වෙනුවෙන් වාර්තාගත උෂ්ණත්වය පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ.

ජාතික කාලගුණ සේවයට අනුව, ඔහියෝ හි උෂ්ණත්වය වාර්තාගත ඉහලම මට්ටමට වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන අතර ටෙක්සාස්හි ප්‍රාන්ත 51ක් සඳහා ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් ආපදා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එමෙන්ම කැලිෆෝනියාවේ මිලියන 26ක ජනතාවක් තාප අනතුරු ඇඟවීම් යටතේ පසුවන අතර නිව් මෙක්සිකෝවේ ලැව්ගිනි ඇතිවීමේ අවධානම හේතුවෙන් විශාල පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇත.

දේශගුණය පිළිබඳ කඩිනම් අධ්‍යයනයන්හි විශේෂඥයින් පිරිසක් වන World Weather Attribution, වාර්තාවක් නිකුත් කරමින් කියා තිබුණේ, මැයි අග සහ ජුනි මස මුලදී දකුණු එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාවට බලපෑ පෙර තාප තරංගයක් මෙවර 35 ගුණයකින් වැඩි වී බලපානු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...

මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර...