පාසල්වල අනධ්‍යයන සේවකයන් වැඩවර්ජනයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

අද (24 වැනිදා) සහ හෙට (25 වැනිදා) අනිද්දා (26 වැනිදා) දිනයන්හි සේවා ප්‍රතිපත්තිය සකස් කරන ලෙස ඉල්ලා පාසල්වල අනධ්‍යයන සේවකයන් වැඩවර්ජනයක නිරත වන අතර හිඟ වැටුප් ඉල්ලා ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් ගුරුවරු සහ විදුහල්පතිවරු අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අනධ්‍යයන වර්ජනයට පිළියමක් වශයෙන් දෙමව්පියන් සහ ආදි සිසුන් පාසල්වලට කැඳවා පාසල් කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. එම දැනුම් දීමට අනුව පළාත් අධ්‍යක්ෂවරු කලාප අධ්‍යක්ෂවරුන්ට ද කලාප අධ්‍යක්ෂවරු විදුහල්පතිවරුන්ට ද මේ බව දන්වා ඇත.

දෙමව්පියන් පාසල්වලට කැඳවුවද අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සේවය ලබා ගත නොහැකි බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් පාසල් නේවාසිකාගාරවලින් මෙන්ම රාත්‍රි මුර සේවා කටයුතුවලින් ද ඉවත් වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ලේකම් අජිත් තිලකරත්න පැවැසීය. සිය ඉල්ලීම ලබා දෙන ලෙස බලකරමින් අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල හා මහනුවර යන නගරවලදී අද (24) ද ගම්පහ නගරයේ දී හෙට(25) ද උද්ඝෝෂණ පවත්වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ලේකම් වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...