මට නම් මේ ජනාධිපති චූන් එක ගැන විශාල බයක් තියෙන්නේ – මරික්කාර්

Date:

කොළඹ LNW:කොළඹ නගරය පුරාමආරංචිය සුභයි යනුවෙන් පෝස්ටර් ප්‍රචාරණයක් සිදුකර තිබුණු අතර ඒ ගැන සොයා බැලීමේදී බය හිතෙන දෙයක් සිදුවීමට නියමිත බවට තමන්ට හැඟී යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැහැදිලි කළේය.

ඒ, අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එළඹෙන 26 වැනිදා ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා හමුවී උන්වහන්සේලාව දැනුවත් කර රට බංකොලොත්භාවයෙන් මුදා ගත් බවට ජාතිය අමතා ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

පසුගිය වසරේ මාර්තු 31ද මෙලෙස රට බංකොලොත්භාවයෙන් මුදාගත් බව පවසා පසුව බදු වැඩිකර බඩු මිල වැඩි කර ජනතාවට ජීවත් විය නොහැකි තැනට පත්කළ බව මරික්කාර් මහතා කියාසිටියේය.

”ගිය වසරේ මාර්තු 31 ත් ජාතිය අමතල කිව්වා රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා සාමාන්‍ය තත්ත්වයට කටයුතු කරගෙන යන්න පුළුවන් කියල. ඊට පසේ වැට් බදු වැඩි කරලා උපයන විට බද්ද වැඩි කළා බඩු මිල වැඩිකරලා ජනතාවගේ බෙල්ල මිරිකනවා වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වුණේ. ඊට පස්සේ කරන්ට් බිල වැඩිකළා. වතුර බිල වැඩිකළා. ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට පත්කළා. මට නම් මේගොල්ලෝ ගන්න හදන චූන් එකත් එක්ක විශාල බයක් ඇති වෙනවා. මොකද ගිය අවුරුද්දේ මාර්තු 31 රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්ත කිව්වම නැවත බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියල රඟපාන්න දෙයක් තියෙනවද? මට බය තියෙන්නේ ගියපාර කළා වගේ මේපාරත් රට මුදවා ගත්තා කියල බොරුවක් දාලා අර ගෙවල්වලට බද්ද දාන්න ද කොහෙද හදන්නේ. තව මොනවා වැඩිකරන්න හදනවද දන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ජනතාවට ජීවත්වෙන්න නෙවෙයි මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...