(PHOTOS) කරන්නාගොඩ නිදහස් කිරීමේ නීතිපතිගේ උත්සාහයට එරෙහිව අදත් විරෝධයක්!

කොළඹ LNW: 2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ චුදිතයෙකුව සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් නිදහස් කිරීමට නීතිපති උත්සහ අක්රමින් සිටින බවට අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව චෝදනා කරන අතර අදත් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඊට එරෙහිව නිහඬ විරෝධයක් සංවිධානය කර තිබුණා.

එම පවුල් එකමුතුව විසින් අත්පත්‍රිකා බෙදා හරිමින් මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමක් ද සිදුකළා.

වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවේ 14 වැනි චුදිතයා ලෙස නම් කර සිටිනවා.

මෙහි චූදිතයින් 14 දෙනාට එරෙහිව චෝදනා 667ක් ගොණු කර තිබෙන අතර අදාළ නඩුවට සාක්ෂිකරුන් 200 දෙනෙකු පමණ සිටින බව සඳහන්.

වසන්ත කරන්නාගොඩ මහතා විසින් තමා මේ නඩුවෙන් ඉවත් කරන ලෙසට අතුරු නියෝගයක් ඉල්ලා රිට් පෙත්සමක් ගොණු කළේ 2020 දීයි.

මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයට එම වසරේ දී යොමු කිරීමත් සිදු වූ නමුත් මේ දක්වා එම නඩුව මහාධිකරණය විසින් විභාගයට ගෙන නැහැ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...