මූණ පුරා රැවුල නැත්තං රාජ්‍ය සේවය තහනම් !

මුහුණ පුරා රැවුල වවාගෙන නොසිටින පුද්ගලයන් රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීමට ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව එරට රාජ්‍ය සේවකයෙකු වීමට නම් මුහුණ පුරා රැවුල වවාගෙන සිටීම අනිවාර්ය වේ.

ඉස්ලාම් නීතියට අනුව රැවුල වැවීම රාජ්‍ය සේවකයන්ට අනිවාර්ය වන අතර මීට පෙර අවස්ථා කිහිපයකදී තලේබාන් සංවිධානය ඒ පිළිබඳව එරට රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබෙනවා.

ඊයේ සිට මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට තලේබාන් නායකයන් තීරණය කර ඇති අතර කාබුල් අගනුවර රාජ්‍ය ආයතනවල සේවකයන් එම නීතිය අකුරටම පිළිපදින්නේද යන්න සොයා බැලීම සඳහා නිළධාරීන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නීතිය අනුගමනය නොකරන පුද්ගලයන්ට රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව නොලැබෙන අතර දැනට රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයන් සේවයෙන් නෙරපා හැරෙනු ඇත. ඔවුන්ට රාජ්‍ය ආයතවලට ඇතුළුවීමද තහනම් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹේ – අගවිනිසුරුත් නිරීක්ෂණයට එක්වෙයි!

කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts”...

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...