අධිකරණ නියෝගයකින් මෛත්‍රීට පැජට් පාරේ නිවස අහිමි වෙයි !

කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනුකළ පෙත්සම විභාගයට ගනිමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. අදාල නියෝගය සති 04 කින් පසු බලාත්මක වන අතර පෙත්සම් විභාගය අවසන් වනතෙක් අදාල නියෝගය ක්‍රියාත්මක වේ.

පී. පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවා තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීමෙන් පසුව, විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි අයිතිවාසිකම් අනුව මෙම නිළ නිවාසය ලබාදුන් අතර ඊට අදාල තීරණය ගනු ලැබූයේ පසුගිය යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...