20 ට අත එසවූ ගම්මන්පිලගෙන් 20 අහෝසි කරන ව්‍යවසථා සංශෝධනයක් !

Date:

ලබන මාසයේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. මෙම සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රට පාලනය කිරීමට අදාල කිසිදු තනතුරක් දැරීම තහනම් කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ධුරය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණක් ද්විත්ව පුරවැසියන්ට සීමා කර තිබිණි. කෙසේ නමුත් එය ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම පමණක් නොව රාජ්‍ය සේවයේ කිසිදු තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළයුතු බවයි.

19 වැනි සංශේධනය හරහා වසා දැමීමට නොහැකි වූ, රිංගා යෑමට අවස්ථාව තිබූ හිල් කිහිපයක් වසා දැමීම 22 වන සංශෝධනයේ අරමුණ බවද ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති ධුරය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම තහනම් කළද එම වගන්තිය 20 වැනි සංශෝධනය හරහා ඉවත් කළ අතර ඒ සඳහා උදය ගම්මන්පිල මහතා පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...