(VIDEO):ජනාධිපති රනිල්ට බාධා කරන්න එපා. ආපහු වැටුණොත් ඔළුව උස්සගන්න අවුරුදු 15කට එහා යයි!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් වුණොත් 2022 ට වඩා වැඩි කඩා වැටීමකට රට ලක්වෙන අතර එසේ කඩා වැටුණහොත් නැවත අපට රට ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට වසර 15කට වැඩ වැඩිකාලයක් ගත වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

යළි කඩා නොවැටෙන ආර්ථිකයක් ඇති රටක් බවට පරිවර්තනය කිරීම උක්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල හරහා සිදුකර තිබෙන බවයි සේමසිංහ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ජාත්‍යන්තරය තුළ රටට විශාල ගෞරවයක් හිමිව තිබෙන බවද ඔහු පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හැකි වුණේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල නිසි ලෙස සිදුකිරීම නිසා වන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊළඟ ධූර කාලයේදී මීට වැඩියෙන් ආර්ථිකය ශක්තිමත් වීම යෝජකයින් පැමිණීම මෙන්ම රටක් ලෙස ලෝකයේ ගෞරවයට පාත්‍ර වීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී පැරිස් සමාජය හා නිල ණය හිමියන්ගේ කමිටුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අවසන් එකඟතාවට පැමිණි අතර ඉදිරියේදී බැඳුම්කර හිමියන්ගේ සමඟ පවතින සාකච්ජා ද සාර්ථක එකඟතාවන්ට යටත්ව නිම කිරීමට බලාපොරොත්තු වන බවද සේමසිංහ මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...