කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කරයි – පුටින් පරාජය බාරගෙනද ?

Date:

යුක්රේනයේ කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. මීට අමතරව චර්නිව් අගනුවර ආශ්‍රිත මෙහෙයුම්ද අවම කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

රුසියාව සහ යුක්රේනය අතර ආරම්භ වී ඇති සාකච්ඡා ඉදිරියට පත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබෙන්නේ.

රුසියානු හා යුක්රේන ඉහළ පෙළේ නියෝජිතයන් අතර සාකච්ඡා අද තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරදී ආරම්භ වූ අතර පැය 03 කට ආසන්න කාලයක් සාකච්ඡා පවත්වා තිබෙනවා. සාකච්ඡාව අවසන්ව තිබෙන්නේ යළිත් හමුවීමේ එකඟතාවයකිනි. දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ ඉඩක්ද පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස කටයුතු කරන තුර්කිය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා තිබෙන්නේ සටන් විරාම ගිවිසුමකට එළඹිය යුතු බවයි. කෙසේ නමුත් ඒ සඳහා කිසිදු පාර්ශ්වයක් එකඟතාවය පළකර නොමැත.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර මාසයකට වඩා ඉක්ම ගොස් ඇති අතර මේ වනවිට රුසියාවට යුදමය වශයෙන් දැඩි හානි සිදුව තිබෙනවා. එයටත් වඩා හානියක් සිදුව තිබෙන්නේ රුසියානු ආර්ථිකයටයි. යුක්රේන ආක්‍රමණයට විරෝධය දක්වමින් රටවල් රැසක් යුක්රේනයට සම්බාධක පැනවූ අතර රුසියානු නිෂ්පාදන වර්ජනයක්ද ක්‍රියාත්මක වේ.

මීට අමතරව බහුජාතික සමාගම් රැසක් රුසියාවේ සිය මෙහෙයුම් අත්හිටුවා ඇති අතර එයද රුසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...