ඔන්ලයින් මූල්‍ය වංචා – චීන ජාතිකයින් 30 දෙනෙකුත් මීගමුවේදී අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවල නිරතවීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙරට ප්‍රදේශ කිහිපයක නිවාසවල සිටිමින්, ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ක්‍රීඩාවක් හරහා මූල්‍ය වංචාවන් සිදුකළ ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද ඊයේ දිනය වනවිට අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...