නාමල් දැන් පරිණතයි.නාමල්ව අපි රැකගන්න ඕනේ – ශාන්ත බණ්ඩාර

Date:

කොළඹ LNW:නාමල් රාජපක්ෂ මහතා දැන් පරිණත කෙනෙක් ලෙස පක්ෂයේ ඉදිර ගමන ඔහු සමඟ ගෙන යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාව ආරක්ෂා කරගත යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

2010 වසරේදී පාර්ලිමේන්තු පැමිණෙන සිටි කෙනාට වඩා පරිණත දැනුමෙන් වැඩි ජාත්‍යන්තර ගණුදෙනු තිබෙන කෙනෙක් ලෙස නාමල් රාජපක්ෂ මහතා දියුණුවක් ලබා ගෙන සිටින බව ශාන්ත බණ්ඩාර මහතා කියාසිටියි.

”අපි හැමදාම වැටිලා තියෙනවා. ඒ වැටුණු අවස්ථාවලදී අපි නැගිටලා තියෙනවා. ඒ නිසා අපි අඩියක් පස්සට ගත්ත නම් නැවත වේගයෙන් ඉදිරියට යන්න ගමන ආරම්භ කරමු. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ අද හොඳ පෙළක් එතුමා නිර්මාණය කරලා තියෙනවා. කිසිම දේශපාලන පක්ෂයක ජාතික සංවිධායක ධූරයේ වගකීම තරුණයෙකුට භාර දීලා නැහැ. නාමල් රාජපක්ෂ මැතිතුමාට අද සියලු දෙනාගේ ඒකමතික ආශිර්වාදයෙන් මේ පක්ෂයේ ඉදිරි අනාගතය භාර දීලා තියෙන්නේ. එතුමාව අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අද අමාධ්‍ය වලින් විවධ දේවල් වලින් සමාජ මාධ්‍ය වලින් හොඳ පුද්ගලයෝ වැරදි පුද්ගලයෝ බවට පත්කරන්න පුළුවන්. වැරදි පුද්ගලයෝ හොඳ පුද්ගලයෝ බවට පත්කරන්න පුළුවන්. හරි කෙනා හරි තැන තියන්නත් පුළුවන්. ඒ නිසා අපි කලබල වෙන්නේ නැතුව නාමල් රාජපක්ෂ මැතිතුමාත් ආරාක්ෂා කරගෙන එතුමා 2010 පාර්ලිමේන්තුවට එන්නේ දැන් අවුරුදු 14ක් පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. කැබිනට් ඇමති ධූර දරල තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. එදා හිටපු තරුණයා නෙවෙයි අද පරිණත වෙලා තියෙනවා. දැනුම වැඩිවෙලා තියෙනවා. ජාත්‍යන්තරය පිළිබඳ ගණුදෙනුවක් තියෙනවා. ඒ නිසා අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්.” යනුවෙන් ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...