ධනාත්මක පරාජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 29, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය ජයගත්තේ තරග 3- 0 ක් ලෙසයි.එම ජයග්‍රහණයත් සමඟ ලෝක කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ද පියවරක් පෙරට ආ ශ්‍රී ලංකාව,ඉනික්බිති එළැඹි විස්සයි විස්ස තරගයේ දී අලුත් පරම්පරාව සමඟ මුහු වුණු කණ්ඩායමක් ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වුණා.
විස්සයි විස්ස තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වුණත් එම ප්‍රවීන සහ නවක ලෙස බෙදන්නට හැකි සංයුතියක් තුළින් අනාතයට පලදායී ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුණා.පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දෙවන එක්දින තරගයේ දී තව දුරටත් කණ්ඩායමේ වෙනස්කම් ඇති කළ ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත දෙවන තරගය පරාජය වී සිටියදී තව දුරටත් අලුත් අවස්ථා කණ්ඩායම තුළ නිර්මාණය කරමින් අලුත් පරම්පරාවට අත්දැකීම් ලබා දෙන්නට මහන්සි ගැනීම වැදගත් පියවරක් ලෙස ගත හැකියි.


මෙම තරගාවලියට වඩා ජූලි මස අත ළඟම යෙදී තිබෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය මෙන්ම ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බරයේ ඒමත් යන කරුණු මත කොදෙව් කණ්ඩායමට පරාජය වීමට වඩා අලුත් ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීම වැදගත් පියවරක් හැටියට ගත හැකියි.


තරගාවලිය ආසියානු රටවල් 8 ක දායකත්වය සහිතව දඹුල්ලේ පැවත්වෙන බැවින් ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගාවලියකදී අලුත් දක්ෂයන්ට වුව දක්ෂතා අතරට ඒම අපහසු නැත.හුරු පුරුදු පරිසරයක පැවත්වෙන බැවින් අවශ්‍යයතා අනුව ක්‍රීඩිකාවන් කැඳවීමට සුදුසු ක්‍රීඩිකාවන් හඳුනාගෙන තිබීම අතිශයින් වැදගත් කාර්යයක් විය.අවුරුදු 16 සිට 25 පමණ වයස් ඛාණ්ඩවල බහුතරයක් සමඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දී අනාගතය පැහැබරව දකින්නට ගත් උථ්සාහය පරාජය ධනාත්මක කළ ජයග්‍රහණය උදෙසා බලාපොරොත්තු ඇති කළ අවස්ථාවක් ලෙස ගත හැකිය.
මෙහි බොහෝ ප්‍රතිපල ආසියානු කුසලාන තරගාවලියේ දී සහ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමක් වෙනු ඇතැයි අපි හදවතින්ම සුබ පතමු.
තෙවන විස්සයි විස්ස තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකිය.


https://es.pn/3W0HGKr

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාල්ලේ අවසානය කෙසේ වෙයි ද?

නිශ්මං රණසිංහ ජූලි 29 කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම : හිටපු නාවික හමුදාපති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...

යෞවන සමාජ පද්ධතියම දේශපාලනීකරණය කර JVP අතකොලුවක් බවට පත්කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ...