*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ගලේ ගහලවත් හදන්න බැරි අය හදන වෙනස මෙන්න – අනුර නිකවැරටිය ගොවි සමුළුවේදී ප්‍රතිවාදී හැව ගලවයි

කොළඹ LNW:මේ වන විට ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ වෙනසක් සිදුකළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ඔහු මේ බව ඊයේ (05) නිකවැරටිය ගොවි සමුළුව අමතමිනි.

වෙනසක් කිරීමට නම් කිරීමට සැරසෙන කණ්ඩායම ගැන අවධානය යොමුකළ යුතු වන අතර රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස වටා වෙනසක් කළ හැකි දුෂණයෙන් තොර ත්‍රාඪ දේශපාලනයෙන් තොර කණ්ඩායමක් නොමැති බවටයි එහිදී දිසානායක මහතා පෙන්වා දුන්නේ.

”අද ජනතාවගේ හැම තැනම අපේක්ෂාවක් තියෙනවා මොකක්ද වෙනසක් ඕනේ.දැන් කාගේන් ඇහුවත් කියන්නේ වෙනසක් ඕනේ කියන කතාව.දැන් මේ වෙනසක් ඕනේ කියන එකට මේ වෙනස ඇති කරන්න පුළුවන් වෙන්නේ කාටද? වෙනස මොනවගේද කියල අපි ටිකක් කතා කරමු. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ වෙනස කියන්නේ මොකාක්ද දීර්ඝ කාලයක් අපේ රට ගමන් කරපු දිශාව හොරකම,වංචාව,නාස්තියත්‍රාඪ දේශපාලනය,ගොවියා අමාරුවේ වැට්ටීම,අධ්‍යාපනය කඩා වට්ටිම්,ඉස්පිරිතාලේ බෙහෙත් නැති කිරීම, පාරවල් හදපු නැති එක,ඒවගේ වෙනසක් කරන්න ඕනේ කියල හිතන්නේ. හැබැයි වෙනස කොහොමද හදන්නේ කියන්න කලින් වෙනස හදන ටීම් එක කවුද කියල බලන්න ඕනේ. ඒකනේ වැදගත්. රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙනස හදන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෙස ඉන්නේ කවුද?රවී කරුණානායක. හදයිද වෙනස. රවී කරුණානායක මුදල් ඇමතිකම භාර ගත්තනේ. රවී කරුණානායක මුදල් ඇමතිකම භාරගන්නකොටම ඔලුවට ආවේ මොකක්ද? ඒකටත් දෙයි වැඩේ. ආවේ නැද්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ කවුද?ඒගොල්ලෝ විශාල ලෙස වංචා දුෂණ වලට චෝදනා ලබපු අය. තමන්ගේ බලය යොදාගෙන රේගුවේ තියෙන ගුදම් තමන්ගේම කොම්පැණිවලට ලියා ගත්තු අය. මතක තියාගන්න. රනිල් වික්‍රමසිංහ එක්ක වෙනසක් ඇතිකරන්නේ ඉන්නවා රවී කරුණානායක. ඇතිකරයිද වෙනසක්. ඊළඟට තාම පොහොටුව තීරණය කළේ නැහැ රනිල් වික්‍රමසිංහට සහය දෙන්න. හැබැයි එහෙම තීරණය කළේ නැති වුණාට පොහොට්ටිවේ යම් පිරිසක් දැනට සහය දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. කවුද? ගම්පහ ප්‍රසන්න රණතුංග වෙනසක් වෙයිද?

තව ඉන්නවා පොහොට්ටුවේ ඉන්න ප්‍රසන්න රණවිර එයත් කියනවා එයාගේ සහයත් රනිල්ට කියල.කවුද ප්‍රසන්න රණවීර කියන්නේ ප්‍රධානම එක මිරිස් කුඩු. මතකද?දෙවෙනි එක එයාර් පොට් එකෙන් එලියට එනකොට එහි සේවකයිනේ කනට ගැහුවා. ඔය මාධ්‍යවල ගියපුවා. නොගියපු ගොඩක් තියෙනවා. ගහල ඇවිල්ලා මාධ්‍යට කියනව මට කේන්ති ගියා දෙකක් ඇන්නා කියල. මරු ඔන්න රනිල් එක්ක ඉන්න කණ්ඩායම. පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේත් තීරණයක් අරන් තියෙනවා රනිල්ට සහය දෙන්න. මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ රනිල් වික්‍රමසිංහ හිරේ යනකන් නින්ද යන්නේ නැහැ කියපු කෙනා. ඒ මහින්දානන්ද තමයි රනිල්ගේ සපෝර්ට් එකට ඉන්නේ. තව ඉන්නවා ලොහාන් රත්වත්තේ. අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඉන්නකොට බීලා මහ රෑ බන්ධනාගරේට පැන සිරකරුවන් එළියට අරගෙන දණ ගස්සලා පිස්තොලේ ඔළුවට තිබ්බා. ඔන්න දැන් රනිල් එක්ක. ඊළඟට ඉන්නවා මීගමුවේ නිමල් ලන්සා. දන්නවනේ බඩු.ඒ ඔක්කොටම හපන් රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂමයි කිව්වේ මහ බැංකු හොරා කියල. දැන් මේ කණ්ඩායම අපේ රටේ දේශපාලන වෙනසක් ඇතිකරනවද? දැන් ඉන්නවා උපාසක බළල්ලු වගේ. හරිම සාමකාමීයි.හරිම විනයගරුකයි.හරිම කීකරුයි. ඇයි ඒ ජන්ද කාලේ නිසා. බලය ගත්තු හැටියේ ඉවරයි. ඔන්න ඔය හැව ගලවල මහජනයාගේ දේපොළ හොරකම් කරන, නාස්ති කරන,නීතිය කඩා වට්ටන.ආර්ථිකය කඩ වට්ටන. ජනතාව තුට්ටුවකට ගණන් ගන්නේ නැති පැරණි සතා එලියට එන්න පටන් ගන්නවා ජන්දෙන් පස්සේ. ජනතාවට අවශ්‍ය වෙන්නේ වෙනසක් නම් ඒ වෙනස රනිල් වික්‍රමසිංහ පාලනයට කිසිසේත්ම ඇතිකරන්න බැහැ.

ඊළඟ වෙනස වෙනුවෙන් ඉන්නේ සජිත් ප්‍රේමදාස. මම වැඩිය එයා ගැන කියන්නේ නෑ. එයා ගැන කියන්නේ එයාගේ පක්ෂයේ සභාපති ෆොන්සේකා මහත්තයා. දැන් එයා ෆොන්සේක මහත්තයා වේදිකාවේ තියාගෙන කිව්වේ මොකක්ද?මේ ෆොන්සේකා මහත්තයට තමයි සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ හොරු අල්ලන වැඩේ දෙන්නේ කිව්වා. ෆොන්සේකා මහත්තයා මොකද කලේ ආණ්ඩු බලය ගන්න කලින් හොරෙක් ඇල්ලුවා. සජිත්. මේ සල්ලි කොහෙන්ද මේවා කැසිනෝ කාරයින්ගේ සල්ලි මේවට වන්දි ගෙවන්න වෙනවා. ඊට පස්සේ ෆොන්සේකා මහත්තයා එයා ගැන කියන්න පටන් ගත්තා. ඒ නිසා එයා ගැන වැඩිය කතා කරන්න ඕනේ නෑ.”

ඒ අනුව බලාපොරොත්තු වන දේශපාලන වෙනස කරන්න අවශ්‍යම නම් එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණක් බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan