*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටලුවක් නැවත ඇතිවීමේ අවධානමක් – මන්ත්‍රී චම්පික අනාවරණය කරයි

කොළඹ LNW:2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

කොළඹදී පැවති ජනහමු කිහිපයක් අමතමිනුයි රණවක මහතා මේ බව කියා සිටියේ.

“කොළඹ අදටත් ජීවත්වෙන ජනගහනයෙන් 70% ක් විතර ජීවත් වෙන්නේ ජීවත්වීමට සුදුසු පරිසරයක නෙවෙයි. අපි 2012 දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරයේප්‍රශ්න උඩින් යටින් දෙකෙන්ම විසඳන්න හරියට මහන්සි වුණා. මේ නිවාස සංකීර්ණ වැඩපිළිවෙල, කොළඹ පාරවල් හදන්න, මල් ගස් හිටවන්න සියල්ලටම කෝටි 3,500 ක් ණය වෙලා තිබුණා නාගරික සංවර්ධන අධිකාරිය. අපේ ආණ්ඩුවෙන් ඒ අවස්ථාවේ සල්ලි අපිට ලබා දුන්නේ නෑ. ඉතින් අපිට සිද්ධ වුණා විවිධ ක්‍රමවේද ඔස්සේ ඒ ණය ගෙවලා ආයතනය බේරගන්න. මොකද ඒ ආයතනය 1978 ඉඳන් විශාල සේවයක් කොළඹ විතරක් නෙමෙයි රටටම කරපු ආයතනයක්. අපි ඇපල් වත්තේ, මැල්වත්තේ, ග්‍රෑන්ඩ්පාස් වල කිරුලපනේ, කොලොන්නාවේ මේ හැම තැනකම අපි මෙවැනි නිවාස සංකීර්ණ ඉදිකරා. අපිට සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම අනුව 2025 වෙද්දී කොළඹ එකම පැල්පතක්වත් නැති නගරයක් කිරීම තමයි අපේ අරමුණ තිබුණේ. අපේ සැලැස්ම දැකලා නොමිලේ ගෙවල් 2000 ක් චීන ආධාරයක් හැටියට ලැබුණා. ඒ එක ගෙයක්වත් අද ඉඳි කරලා නෑ මේ පහුගිය අවුරුදු හතරට. පහුගිය අවුරුදු හතරේ කොළඹ නගරයයි, මේ රටයි එකතැන නතර වෙලා තියෙන්නේ. අද වෙනකොට මේ නිවාස සංකීර්ණ ඒ අමාත්‍යංශයට, නාගරික සංවර්ධන අධිකාරියට නඩත්තු කරගන්න බෑ. මේවයේ මුල් අයිතිකරුවෝ සැලකිය යුතු පිරිසක් මේවා කුලියට දීලා හරි ආපහු ගිහින් තියෙනවා. ඒගොල්ලෝ අද කොහේ ජීවත් වෙනවද? ඒගොල්ලන්ට නිවාස තියෙනවද? කියන ප්‍රශ්නේ තියෙනවා. අපි ඒ වගේම පටන් ගත්තා නිවසක් සමඟ ජීවිතයක් තියන්න. ඔබේ දරුවන්ව පාසල් යවන්න. මත්ද්‍රව්‍ය උවදුරු වලින් දරුවෝ බේරගන්න. කොළඹ නගරයේ තමයි ලංකාවේ හොඳම පාසල් තියෙන්නේ. හැබැයි අපේ දරුවන්ට ඒ පාසල් වැහිලා තිබුණා. ඒ නිසා අපි ඒ උත්සාහයන් කළා. නමුත් කොළඹ නගරයේ අවුරුදු හැත්තෑවක් පමණ තියෙන ප්‍රශ්නය අවුරුදු තුන හතරකින් විසඳන්න බෑ. ඇත්තටම අපිට අවස්ථාව තිබුණා නම් අපිට ඒක විසඳගන්න තිබුණා. නමුත් මේ රටේ ජනතාව වෙනත් දේශපාලන නායකයෙක්, වෙනත් දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒම නිසා ඒ සියල්ලම අවුල් ජාලයක් බවට පත්වුණා.”

මේ අතර ද දවස වන විට කොළඹ කුණු ප්‍රශ්නය ද විසඳි ඇති බවයි ඔහු පැවසුවේ.

”අද කොළඹ කුණු ප්‍රශ්න නෑ. ඉස්සර අවුරුද්දට දෙකට කුණු ගොඩ ගැහිලා මහා විශාල වේදනාවක් විඳින්න වෙලා තියෙනවා. මතක ඇති 2017 සිංහල අවුරුද්ද දවසේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතාකරලා කිව්වා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා තියෙනවා ඇමතිතුමා කවුරුවත් නෑ බලන්න, එන්න කියලා. මං එතකොට ගමේ ගිහින් හිටියේ. ඉතින් එවෙලෙම අපි කොළඹ ආවා. මීතොටමුල්ල කුණු කන්දට කලින් බ්ලුමැන්ඩල් කුණු කන්ද . ඊටත් කලින් මට්ටක්කුලියේ කුණු කඳු ගොඩ ගැහුණා. හැමදාම මේ කොළඹ කුණු ටික කොහේ හරි දුප්පත් මිනිස්සු ඉන්න පැත්තකට ගිහිල්ලා අත ඇරලා කන්දක් හදපු එක කරනවා. කොළඹ ලස්සන පාරවල් හදලා, කුණු අතුගාන්නෙත් මැෂින් එකෙන්. ගස් හිටවලා, ලයිට් පත්තු කරලා ලස්සනට තියෙනවා. හැබැයි කුණු කඳු ගොඩ ගැහුනා. මේ කුණු කන්දට යටවෙලා තිස්තුන් දෙනෙක් මියගියා. අනූ අට දෙනෙක්ට නිවාස නැති වුණා. අපි සති දෙකක් ඇතුළත කොලොන්නාවෙන් නිවාස ඒ අයට ලබා දුන්නා. ඒ කන්ද නාය යන එක නවත්තන්න ජපානෙත් ගේන්න හැදුවා. නමුත් අපි ඒ කුණු කන්ද පාලනය කළා. පාලනය කරලා උද්‍යානයක් හදන්න අපි කටයුතු යෙදුවා. අවාසනාවකට අද ඒක කවුරුවත් බලන්නේ නැති තැනක් බවට පත්වෙලා තියෙනවා.”

කෙසේවෙතත් අද කොළඹ කුණු වලින් විදුලිය නිපදවෙන තැනට ගොඩනැගී ඇති බවද ඔහු සඳහන් කරන ලදී.

”මේ කොළඹ කුණු ප්‍රශ්නයට දවස් දාහතරක් ඇතුළත අපි පාලනය අරගෙන විසඳලා දුන්නා.කොළඹ තොටළඟ ආදී ප්‍රදේශ වල තිබිච්ච ලොකු ප්‍රශ්නයක් කැළණි ගඟේ වතුර. නාගාලන්දේ අද ගිහින් බලන්න ඇළ මාර්ගය හැදුවා, පොම්පාගාරයක් හැදුවා. ඒ වගේම මැද කොළඹ උසාවිය ළඟ පොම්පාගාරයක් හැදුවා. අපි කොළඹ නගරයට ඒ කැලණි ගඟේ ඇතිවෙච්ච ප්‍රශ්නය විසඳන්න කටයුතු කළා. හැබැයි කණගාටුයි කියන්න අපි පොම්පාගාර තුනක් හැදුවා. ඒවායේ අද පොම්ප වැඩ කරන්නේ නෑ. ඉතින් වතුර ආවහම පොම්ප වැඩ කරන්නැති උනාම වතුර උතුරා යනවා. අඩුගානේ අපි හදපු ටිකවත් නඩත්තු කරගන්න අද හැකියාවක් ඇතිවෙලා නෑ. ඊළඟට කොළඹ ඇතිවෙන වතුර ටික මුහුදට ගෙනියන්න පද්ධතියක් හැදුවා. ඒවා හදද්දි ගොඩක් දෙනෙක් බය වුණා. උතුරු කොළඹ, මෝදර ගොඩාක් බය වුණා මේ ගෙවල් යටින් උමං හදනවා කියලා. මොකද අර උමා ඔයේ උමං හදලා විශාල විනාශයක් වෙච්ච නිසා. අද ගිහින් බලන්න අපි කොළඹ මහ ඉස්පිරිතාලෙ ගාව ඉඳන් උමගක් ඇති කරා. බොරැල්ලේ එකක් ගියා. ඩී එස් සේනානායක විද්‍යාලය හරහා ඒ කිංස්ලි පාරේ උතුරු කොළඹ එකක් කරා. කිසි ගෙදරකට කිසිම දෙයක් වෙලා නෑ. අපි ඒවා නිසි විදියට කරපු නිසා. හැබැයි මම කියන්නෑ සීයට සීයක් සාර්ථකයි කියලා. ඇයි? ව්‍යාපෘති 17 ක් තිබුණා. ඒ ව්‍යාපෘති 17 න් අපි 6 යි කළේ. ඉතුරු ටික කරන්න බැරි වුණා. අද කාණුවක් සුද්ද කරගන්න බැරි තත්ත්වයට මේ නගර සභාවල් මේ ආණ්ඩු, මේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රය පත්වෙලා තියෙනවා. හරි කණගාටුයි. මේක වෙනස් කරගත්තේ නැත්නම් මේ ඇතිවුණා වගේම නාගරික පැල්පත්වාසී ප්‍රශ්නයක් ආයි වතාවක් කොළඹ ඇතිවෙන්න පුළුවන්.” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan