*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

අනාගතයට බර තබා පැරීසියට යන්නට පත් කළ නායකයා – විරේන්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 09, (LNW) කොළඹ :

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ධජ රැඟෙන යාමේ අභිමානවත් අවස්ථාව සඳහා යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ මලල ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේ පත් කර ඇත.ඔවුන් දෙදෙනා මේ කණ්ඩායමේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් නායකයන් වීම ද වැදගත්ය.ඒ අතරින් පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති විරේන් මෙවර ඔලිම්පික් සුදුසුකම සපිරූ පළමු ලාංකේය ක්‍රීඩකයා මෙන්ම මෙවර ඔලිම්පික් බැඩිමින්ටන් තරග සඳහා සුදුසුකම් ලබා සිටින ලෝකයේ ක්‍රීඩක සමූහය දෙස බැලීමේදී ලාබාලතම ක්‍රීඩකයා ද වන්නේය.

යන්තම් වසර 21 දී විරේන් නෙත්තසිංහ ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් උළෙල නියෝජනය කළ සහ කරන ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස ඔහුගේ නම සටහන් කර ඇත. ඔහුගේ තේරීම ඔහුගේ දක්ෂතාවය, කැපවීම සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ඔහු තබා ඇති පොරොන්දුව පිළිබඳ සාක්ෂියක් වන අතර තවත් ඔලිම්පික් උළෙල දෙකක අනාගතයට පලදායි ක්‍රීඩකයෙක් ලෙස විරේන් නායකත්වයට ගෙන ඒම බලාපොරොත්තු ඉහළ නංවන තීරණයකි.

ඔලිම්පික් උළෙලට සූදානම් වීමේ දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) විසින් විරේන් හට හැකි උපරිම පුහුණුව ලබා දීම සහතික කිරීම සඳහා පුළුල් විධිවිධාන සලසා ඇත. ඔහුගේ සහභාගීත්වයේ විභවය සහ වැදගත්කම හඳුනා ගනිමින්, ඔහුගේ අවශ්‍යතාවලට ගැලපෙන විශේෂ පුහුණු වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා විදේශීය පුහුණුකරුවෙකු සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අදහස් කර ඇත. මෙම වැඩසටහන් සැලසුම් කර ඇත්තේ ඔහුගේ කුසලතා සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වන අතර, ඔහු පැරිස් 2024 දී ඔහුගේ උපරිම කාර්ය සාධනයේ සිටින බව සහතික කරයි.

විරෙන් වෙත සහය දැක්වීමේ සහයෝගීතා ප්‍රයත්නයන් ඉස්මතු කරමින්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කලාපයේ ඉහළ පෙළේ ක්‍රීඩකයින් සමඟ පුහුණු සැසි සඳහා පහසුකම් සලසා ඇත. ඉන්දියාවේ හිටපු අංක එකේ කේවල ක්‍රීඩකයෙකු විරේන්ගේ සහකරු ලෙස ගෙන්වා තිබීම විශේෂත්වයකි. මෙම හවුල්කාරිත්වය තව දුරටත් පුළුල් කරමින් ඉහළම ඉන්දුනීසියානු ක්‍රීඩකයින් සමඟ පුහුණු කිරීමෙන් විරේන් හට විවිධත්වය සුරැකෙන පරිදි සහ ඉහළ මට්ටමේ සූදානමක් ලබා දීමය කටයුතු කර ඇත.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ අභිලාෂයන් පිළිබඳව විරේන් නෙත්තසිංහට සහය දැක්වීමට ගන්නා උත්සාහයන් පැහැදිලිවම පෙන්නුම් කරයි. සවිස්තරාත්මක පුහුණු වැඩසටහන්, විශේෂඥ පුහුණු කිරීම් සහ ජාත්‍යන්තර සහයෝගීතාවයන් සමඟින්, ඔහුව ඉහළම මට්ටමේ තරඟ කිරීමට සූදානම් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගනු ලැබේ. ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් විරේන් පදක්කම් වේදිකාවට එනු දැකීම අවසාන අරමුණ බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පැවසුවද අප විශ්වාස කරන්නේ එය දීර්ඝකාලීන සත්‍යයක් කිරීමට රටේ ප්‍රධාන ක්‍රිඩා පරිපාලනයේ සිට අවධානය යොමු විය යුතු බවයි.

කෙසේ වුව ද අනාගතයට වඩාත් විහිදුණු බලාපොරොත්තු සහිත විරේන් නායකයා සහ ධජ දරන්නා ලෙස පත් කිරීම ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවකි.එය විරේන්ට පමණක් නොව ශ්‍රී ලාංකීය අනාගත පරපුරට ඔහුගේ සලකුණ හරහා සිය කුසලතාවන් වෙනුවෙන් කැපවීමට සහ හැදෑරීමට අවශ්‍යය දිරිගැන්වීම ලබා දීම වෙනුවෙන් කළ සූදානම් කිරිමක් බව අපේ විශ්වාසය වේ. මේ වන විටත් ඔලිම්පික් සුදුසුකම් ලද සහ නොලද එම මට්ටමෙන් අනාගතය ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස කළ හැකි දක්ෂයන් කිහිප දෙනෙකුම මේ රටේ ක්‍රීඩාව හඳුනාගෙන තිබෙන මොහොතක ඒ සියල්ල වෙනුවෙන් ගත් යහපත් තීරණයක් ලෙස විරේන්ගේ නායකත්ව තේරිම හැඳින්විය හැකිය.
එසේම නදීශා දිල්හානි ලේකම් ද හෙට ගැන සිතන ක්‍රීඩක පරම්පරාව විසින් අධ්‍යයනය කළ යුතු මහා පුස්තකයක් බඳු ඉතිහාසයක් හිමි ක්‍රීඩිකාවක්ය.ක්‍රීඩාව විසින් ඉරණම වෙනස් කර ලියවා ගත් ගමේ පොළවෙන් ඉපිද දුෂ්කර ගමණක් පැමිණි නදීශා කැපවීම,දරා ගැනීම මෙන්ම අප්‍රතිහත ධෛර්යයට සහ නොපසුබස්නා උත්සාහය ගැන පොත් දහස් ගණනක් කියවන්නට දීම වෙනුවට පෙන්නා දිය හැකි සත්‍ය භූමිකාවක්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan